Colombo Today Local News

පුල්මුඩේ ඛනිජ වැලි නිධිය රිෂාඩ් බදුර්දීන්ගේ ගෝලයන්ගේ අනසකට

සංහිඳියාව යන වචනයට මුවාවී ප්‍රදේශවාසීන් හා ‍ප්‍රාදේශීය දේශපාලනාධිකාරියඑක්ව පුල්මුඩේ ඛනිජ වැලි නිධියෙන් වැලි සොරාගන්නා බවත්, එය ආරක්‍ෂා කිරීමට ඉදිරිපත් වන රාජ්‍යනිලධාරීන්ට පහරදී, පළවාහරිමින් රාජකාරි කටයුතුවලට බාධා කරන බවත් ලංකා ඛනිජ වැලි සංස්ථාවේ සභාපතිනිය හා සේවකයෝ චෝදනාකරති.

ලංකා ඛනිජ වැලි සංස්ථාවට අයත් පුල්මුඩේ පිහිටි මෙම ඛනිජ වැලි නිධිය ආරක්‍ෂා කරගැනීමට නොහැකිව බරපතළ ප්‍රශ්නයක් පවතින බව ලංකා ඛනිජ වැලි සංස්ථාවේ සභාපතිනි ඉන්දිකා රණතුංග මහත්මිය පැවසුවාය.

මෙරටටවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් ලබාදෙනරාජ්‍ය දේපොළක් වන මෙම ඛනිජ වැලි නිධිය ආරක්‍ෂාකර ගැනීමට ප්‍රදේශවාසීන් හා ‍ප්‍රාදේශීය දේශපාලනාධිකාරිය ඉඩ නොදෙන බවත්, ඔවුන් මෙම වැලි ‍නිධියෙන් රහසිගතව වැලි ලබා ගන්නා බවත් සභාපතිවරිය සඳහන් කළාය.

පොලිස් විශේෂ කාර්ය බළකායේ හා පොලීසියේ සහාය ඇතිව ලංකා ඛනිජ වැලි සංස්ථාවේ සේවකයන් විසින් පසුගියදා මෙම වැලි නිධිය වෙන්කර වැට ගැසීම සඳහා පසුගියදා ගිය අවස්ථාවේදී ප්‍රාදේශීය දේශපාලනාධිකාරිය හා ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනකු එක්ව එම කටයුතුවලට ඉඩ නොදුන් බවත්, එම ස්ථානයේ ඔවුන් නොසන්සුන්කාරී ලෙස හැසිරුණු බවත් ඇය පවසා සිටියාය.

අතිවිශාලමුදල් ප්‍රමාණයක් මහා භාණ්ඩාගාරයට ලබාදෙන මෙම ඛනිජ වැලි සම්පත දේශපාලනාධිකාරියේ බූදලයක් බවට පත් නොකර රටේ පොදු සම්පතක් ලෙස ආරක්‍ෂා කිරීමට බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු බවලංකා ඛනිජ වැලි සංස්ථා සේවක‍යෝ පවසති.

ඛනිජ වැලි නිධිය වෙන්කර වැ‍ට ගැසීම සඳහා පසුගියදා ගිය තමන්ට ප්‍රදේශවාසීන් හා ප්‍රාදේශීය දේශපාලනාධිකාරිය පොලු මුගුරුවලින් පහර දුන් බවද එම සේවකයෝ ප්‍රකාශ කරති.

මෙම ප්‍රදේශයේ බහුතර ජනතාව මෙම සම්පත ආරක්‍ෂා කරගැනීමට ඉදිරිපත් වුවද, දේශපාලනඅධිකාරිය ආගම්වාදය හා ජාතිවාදය ඉදිරියට දමා ඉතා සූක්ෂම ලෙස මෙම ඛනිජ සම්පත් රහසිගතව අලෙවි කිරීම සිදුකරන බවද ඔවුහු පවසති.

මෙම ජාවාරම්කරුවන්ට විරුද්ධව රාජ්‍ය නිලධාරීන් ක්‍රියාත්මක වීමේදී සංහිඳියාවට බාධාවක් ඇතිවන බව පවසමින් දේශපාලන අධිකාරිය කටයුතු කිරීම හේතුවෙන්විශාල මුදලක් රජයට අහිමි වන බව ලංකා ඛනිජ වැලි සංස්ථා සේවකයෝ ප්‍රකාශ කරති.

මෙම ඛනිජ වැලි නිධිය ආරක්‍ෂා කරගැනීම සඳහා වගකිවයුතු කිසිදු අංශයක් අවධානය යොමු නොකර,එක්තරා ඇමතිවරුන් දෙදෙනෙකුට අවශ්‍ය පරිදි මෙම වැලි නිධිය පවත්වාගෙන යෑමට ඉඩ ලබාදීම රාජ්‍ය සේවකයන්ටම සිදුකරන විශාල අපකීර්තියක් බවද ඔවුහු සඳහන් කරති.

ඉදිරියේදීදමේ ආකාරයෙන් රාජ්‍ය නිලධාරීන්ට අඩන්තේට්ටම් හා පහරදීම් සිදුකර රාජකාරියට බාධා කළහොත් අනෙකුත් වෘත්තීය සමිති සහ රාජ්‍ය ආයතන දැනුවත් කර වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද එහි සේවකයෝ වැඩිදුරටත් පැවසූහ.

මේ අතර, මෙම ‍ක්‍රියාවලදී පුල්මුඩේ පොලීසිය ඉතා පක්‍ෂග්‍රාහීව කටයුතු කළ බවට ලංකා ඛනිජ වැලි සංස්ථාවේ සභාපතිනී ඉන්දිකා රණතුංග මහත්මිය චෝදනා කළාය.

Related posts

කහ කිලෝ 1157ක් සමග දෙකක් අත්අඩංගුවට

colombotoday

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ කොටසක් කොරෝනා යැයි සැක ගැබිනි මාතාවන්ට

colombotoday

බීමත් රියදුරන් අල්ලන්න සමාජ ශාලා ආසන්නයේ පොලීසිය යොදවයි

colombotoday

දින 3කින් නිවසටම විදේශ ගමන් බලපත්‍රය ගෙන්වා ගන්න අයදුම් කිරීමේ නව ක්‍රමවේදයක්

Admin

සම්බුදු උපත සැපතකි

colombotoday

ඇමතිකමක් දෙන්න ජනපති තොන්ඩමන්ට අඩගසයි…

colombotoday