Colombo Today Local News

පෙරටුගාමී ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම අද පස්වරුවේ

ඉදිරි ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අපේක්ෂකයා අද නම් කිරීමට නියමිතයි.ඒ අද පස්වරු 4ට කොළඹ නව නගර ශාලාවේ පැවැත්වෙන උත්සවයකදීයි.

යුක්ති ගරුක සමාජයක් සමාජවාදී අපේක්ෂකයෙක් යන තේමාවෙන් මෙම උත්සවය සංවිධාන කර ඇති එම පක්ෂය සදහන් කළේ.මීට සමගාමීව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂයා විසින් මැතිවරණ ප‍්‍රතිපත්ති කෙටුම්පතක්ද එළි දැක්වීමට නියමිතයි. මේ වන විට ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ සහ ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ අපේක්ෂකයින් නම් කර තිබෙනවා. ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වන්නේ හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු වන ගෝඨාභය රාජපක්ෂ මහතායි.

ජනතා විමුක්ති පෙරමුනේ නායක අනුර කුමාර දිසානායක මහතා ජාතික ජන බලවේගය සංවිධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කර තිබෙනවා.
නොවැම්බර් 10 සිට දෙසැම්බර් 8 අතර කාල සීමාව තුළ ජනාධිපතිවරණය පැවැත්විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව මීට පෙර සඳහන් කලා

Related posts

ජනමතයට හිස නමා ජනපති-අගමැති ඉල්ලා අස්වෙයි !.. රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක්

colombotoday

‘ජෙමිනොයිඩ්’ උල්කා වර්ෂාව අදත්

colombotoday

මැතිවරණය ගැන කතා කරද්දී හෘදයාබාධයකට ලක් වූ රෙජිනොල්ඩ් කුරේ දිවිමඩලට සමු දෙයි

Admin

පල්ළෙකැලේ කඳවුරෙන් සිරකරුවෙක් පැන යයි

Admin

වරායේ ගොඩගැසී ඇති බහලුම් නිෂ්කාශන කටයුතු අද සහ හෙට

colombotoday

ජනපති නපුරෙක්… ශ්‍රීලනිපයෙන් එජාපයට පනින අයට ඇමතිකම් නොදීම නරක වැඩක්

colombotoday