Colombo Today Local News

පොලිස් නිලධාරීන්ට උසස් අධ්‍යාපන වරමක්

පොලිස් නිලධාරින් සඳහා උසස් අධ්‍යාපනය ලබාදීමේ වැඩපිළිවෙලක් හඳුන්වාදීමට රජය පියවර ගෙන තිබේ.

කැලණිය විශ්වවිද්‍යාලය හා ඒකාබද්ධව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ ය.

ඊට අදාළ ගිවිසුම ඊයේ (23) දිනයේ අත්සන් කෙරුණු අතර වසර 10කට වැඩි කාලයක් පොලිස් සේවයේ නිරත නිලධාරින් සඳහා පළමුවෙන් මෙම උසස් අධ්‍යාපන අවස්ථාව හිමිවන බව චමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ ය.

එහිදී පොලීසියට අදාළ විෂයන් හැදෑරිය හැකි අතර, ඒ සඳහා ඩිප්ලෝමා සහතික පත්‍රයක් ලබා දීමට මෙයින් බලාපොරොත්තු වෙන බව ද අමාත්‍යවරයා පැවසීය.

ඉදිරියේ දී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දී ද මෙම පාඨමාලා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත්, පොලිස් අභ්‍යාස ආයතනය මඟින් පවත්වනු ලබන පාඨමාලාවන් විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ තත්ත්ව පරීක්ෂණ මාර්ගෝපදේශයන්ට අනුගතව සංවර්ධනය කිරීමටත් මෙහිදී කටයුතු කිරීමට නියමිතය.

Related posts

ආර්ථික වර්ධනයෙන් ලංකාවේ දකුණු ආසියාවේ හයවන තැනට..

colombotoday

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ්

colombotoday

එල්ල වූ චෝදනාවකින් ගෝඨා නිදෝස්කොට නිදහස්… KDU ගැන මහාචාර්ය කාලෝ පැහැදිළි කරයි (Video)

colombotoday

ජනපති කාර්යාලයේ සියලු පිවිසුම් විරෝධතාකරුවෝ අවහිර කරති

colombotoday

සනත් නිශාන්තගේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි

Admin

ජනපතිවරණයට එන්නේ මමයි, වෙනකිසිවෙක් නොවෙයි, රනිල් පළමුවරට කියයි

colombotoday