Colombo Today Local News

පොලිස් වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

පොලිසිය විසින් කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇත.

අද අලූයම එකට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ මොරටුව ලුනාව පාලම අසලදී ය.

මුර සංචාරයක නිරත වූ පොලිස් නිලධාරීන් තිදෙනෙකු විසින් ත්‍රිරෝද රථ දෙකක් පරීක්ෂා කිරීමේදී බහින්බස් වීමක් ඇති වී එය දුරදිග ගොස් පොලිස් රාජකාරියට බාධා කිරීම නිසා මෙම වෙඩි තැබීම සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

පරික්ෂා කරන අවස්ථාවේ ත්‍රීරෝද රථ දෙකෙහි සිටි අය බීමත්ව සිට ඇති බවත් එක් පුද්ගලයකු විසින් පොලිස් රථයේ රියදුරාට සහ රථයට ගල් මුල්වලින් පහර දී ඇති බවද ඔහු පැවසීය.

ඇතිවූ තත්වය පාලනය කිරීමට මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා පැවසීය.

මියගොස් ඇත්තේ ඇති පුද්ගලයා 39 හැවිරිදි සිවුදරු පියෙක් වන අතර ධිවර කටයුතු සඳහා යමින් සිටියදී මෙම සිදුවීම් ඇති වී තිබේ.

මෙම මිය යාමත් සමඟ ප්‍රදේශවාසීන් කලහාකාරී ලෙස හැසිරෙමින් පොලිසියට පහරදීමට උත්සාහ කර ඇතත් එම ස්ථානයට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා තිබේ.

මේ වන තත්ත්වය පාලනය කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් සඳහන් කළේය.

Related posts

කොළ විකුණා ජිවත් වුණු හරක් කටාගේ නැන්දම්මාගේ නමට ලක්ෂ 115ක නිවසක්

colombotoday

ඉන්ධන බවුසරයක් බත්තුළු ඔයට පෙරළී ගසාගෙන යයි

Admin

සාකච්ඡා අසාර්ථකයි දුම්රිය වර්ජනය අඛණ්ඩව

colombotoday

“විසිල් විතරයි.. බල්ටි නෑ“ – මේ ආණ්ඩුවේ වැඩ ගැන හිටපු ජනපති කතා කරයි

colombotoday

ඥානසාර හිමි හැකි ඉක්මනින් නිදහස් කරනවා – ජනපතිගෙන් භික්ෂූන් වහන්සේලාට පොරොන්දුවක්

colombotoday

සරසවි සිසුවියක් සියදිවි නසාගනී

Admin