Colombo Today Local News

පොලිසිය ජනපති යටතට… අමාත්‍යාංශ විෂය පථය සදහන් ගැසට් නිවේදනය නිකුත් වේ…

පොලිස් දෙපාර්තමේන්තුව සහ ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය ආරක්ෂක අමාත්‍යංශයට පවරා ගනිමින් අමාත්‍යංශවල විෂය පථය සඳහන් ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර තිබේ.

මීට පෙර ද පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යංශය යටතේ පැවැති අතර පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පොලිස් දෙපාර්තමේන්තුව නීතිය හා සාමය අමාත්‍යංශය යටතට පැවරීය.

මෙම අලුත් ගැසට්ටුව මගින් පොලිස් දෙපාර්තමේන්තුව යළිත් වරක් ආරක්ෂක අමාත්‍යංශය යටතට පත් කර තිබේ. ආරක්ෂක අමාත්‍යවරයා වන්නේ ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය.

ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය ද පසුගිය දිනවල ලොකු කතා බහකට ලක්විය. නව රජය බලයට පත්වීමෙන් පසු පිරිසක් ඊට කඩා වැදී සේවකයන්ට දොස් නගා තිබිණි.

Related posts

ආර්ථික අර්බුදයෙන් මිදෙන ශ්‍රී ලංකාවේ වැඩපිළිවෙළට ලෝක බැංකුවේ පූර්ණ සහාය

Admin

විල්ගම්වෙහෙර විහාර භුමිය අල්ලාගැනීමට ආ මුස්ලිම් ජාතිකයන්ට ප්‍රදේශවාසීන් පහරදී එලවා දමයි

colombotoday

ජාතික ආණ්ඩුවක් ආවත් මගෙන් ඇමැති පදවි නෑ

colombotoday

ලාංකික ශ්‍රමිකයින්ට ජෝර්දානය්දී කදුළු ගෑස් ප්‍රහාරයක්

colombotoday

ඔන්චිල්ලාවක ගෙල සිරවී දැරියක් අවසන් ගමන් යයි

colombotoday

“ශ්‍රීලනිපය කැඩුවේ ජනපති මෛත්‍රීයි, එජාපය පරදන්න කොලෙන් හරි මලෙන් හරි අපි එනවා“ – දිලුම් අමුණුගම

colombotoday