Colombo Today Local News

පොලීසියට අල්ලසක් ලබා දීමට උත්සාහ කළ අයෙක් අත්අඩංගුවට

කළුතර උතුර ප්‍රදේශයේ දී වල්ලපට්ටා තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙක් මුදාගැනීම සඳහා අල්ලස් ලබාදීමට උත්සාහ කළ පුද්ගලයෙකු පොලීසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

කළුතර, දියගම ප්‍රදේශයේ දී වල්ලපට්ටා කිලෝග්‍රෑම් 4 යි ග්‍රෑම් 200 ක් සමග සැකකරුවෙකු කළුතර උතුර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔහු කලවාන, ගල්කැටියගම ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය සඳහන් කළේය.

සැකකරු අත්අඩංගුවට ගෙන කළුතර උතුර පොලීසියට රැගෙන ඒමෙන් අනතුරුව ඔහු මුදාහැරීම සඳහා වෙනත් පුද්ගලයෙකු පොලිස් නිලධාරීන්ට රුපියල් 25,000 ක අල්ලසක් ලබාදීමට උත්සාහ දරා ඇත.

එහිදී එම පුද්ගලයා ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු කළුතර දකුණ, ගාලු පාර ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය පවසයි.

ඒ අනුව සැකකරුවන් දෙදෙනා අද (15)දින කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

බැසිල්ට උඩින් යන්න දිවි නැඟුමේ කෝටි 15ක්

colombotoday

පුල්මුඩේ ඛණිජ වැලි නිධිය ඉන්දියාවට..! ‘ඇමතිතුමා මාව පන්නන්න හදනවා‘ – ඛණිජවැලි සභාපති

colombotoday

අගමැතිගේ කාන්තා දින පණිවිඩයක්

Admin

“ලක්ෂ්මන් කිරිඇල්ල වහාම බෞද්ධයන්ගෙන් සමාව ගත යුතුයි” – ඕමල්පේ සෝභිත නාහිමි

colombotoday

නොවැම්බර් 10ට පෙර පළාත් මැතිවරණයක් නැතිනම් ඉල්ලා අස්වෙනවා…

colombotoday

මීටියාගොඩදී වෙඩි තැබීමක්

Admin