Colombo Today Local News

පොලීසියේ කණ්ඩායමකට පහරදුන් අටලුගම පිරිස බන්ධනාගාරගත කෙරේ

බණ්ඩාරගම, අටලුගම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාරියන් හා සැකකරුවන් 05 දෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ එම සැකකරුවන් ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇ‍ත.

අත්අඩංගුවට ගත් බාලයවස්කාර දැරියක් පරිවාස බාරයට පත්කිරීමට නියෝග කර ඇත.

ඊයේ (09)දින පෙරවරුවේ බණ්ඩාරගම පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් ගංජා ජාවාරමකට අදාළ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට අටලුගම, මාරාව ප්‍රදේශයේ නිවසක වැටලීමක් සිදුකර තිබූ අතර එහිදී එම නිවසේ සිටි පිරිසක් කලහකාරී ලෙස හැසිරෙමින් පොලිස් නිලධාරීන්ට පහරදී රාජකාරියට බාධා කර තිබුණි.

පහරකෑමට ලක්වූ උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු, කාන්තා සැරයන්වරියක් සහ කාන්තා කොස්තාපල්වරියක් තුවාල ලැබූ බව පොලිසිය සඳහන් කළේය.

සිද්ධියට අදාළව ඊයේ කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු බණ්ඩාරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඊයේ රාත්‍රියේ තවත් දෙදෙනෙකු පොලීසියට බාරවී තිබුණි.

Related posts

‘සර්ව පාක්ෂික සමුළුව නෛතික බලයක් නැති කතා පෙට්ටියක්’

colombotoday

පහරදීම ගැන කරුණු කියන්න වැඩබලන පොලිස්පති පොලිස් කොමිසමට එයි – video

colombotoday

විදෙස් ගතව සිටි ලාංකිකයින් 298 දෙනෙකු දිවයිනට

colombotoday

කුඩා දරුවෙකු සමග අනාරක්ෂිත ඔරුවකින් ඉන්දියාවට පළා ගිය පිරිසක් අල්ලයි

colombotoday

දේශපාලනිකව පරද්දන්න බැරි මහින්දව හතුරු වෙඩි උණ්ඩයේ ගොදුරක් කරන්න හදනවා.. කැතයි, ලැජ්ජයි, නින්දිතයි

colombotoday

කොවිඩ් රෝගීන්ට පුද්ගලික රෝහල්වල ප්‍රතිකාර ලබා ගන්නට අවස්ථාව ඉල්ලයි

colombotoday