Colombo Today Local News

පොහොට්ටුවේ මඩ බලකාය අපිට ෆේස්බුක් එකේ මඩ ගහනවා.. ජවිපෙ රහස් පොලිසියට පැමිණිලි කරයි

ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ තම පක්ෂයට මඩ ගසන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික ජනබලවේගයේ ජාතික ලයිස්තු අපේක්‍ෂක බිමල් රත්නායක මහතා සඳහන් කළේය.

මෙය තනිකරම සිදුකරන්නේ පොහොට්ටුවේ මඩ බලකාය විසින් බවත් ඒ සම්බන්ධයෙන් අද දිනයේ ද රහස් පොලිසිය වෙත පැමිණිලි කළ බවත් ඔහු පැවසීය.

මේ පිළිබදව කලින් කරන ලද පැමිණිලිවලටද මේ දක්වා කිසිදු පියවරක් ගෙන නැති බවත් පැවසූ ඔහු මේ ආකාරයේ අසත්‍ය මඩ ප්‍රචාර හේතුවෙන් ජාතික ජන බලවේගය මැතිවරණ ව්‍යාපාරයට දැඩි හානි ගෙන දෙන බව කියා සිටියේය.

අද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.

Related posts

බිත්තියකට යට වී 8 හැවිරිදි දරුවෙක් මරුට. තවත් දරුවෙක් රෝහලේ…

colombotoday

පාලන මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කලොත් ලක්ෂයක් දඩ

colombotoday

රයන් වෑන් 11 දක්වා රිමාන්ඩ්

colombotoday

කැබිනට් මණ්ඩලය ගැන සමගි ජනබලවේගයේ ස්ථාවරය කියයි

colombotoday

යුද්ධය පැවති සමයේ හමුදා බුද්ධි රහස්‌ හෙළි කිරීමේ සූදානමක්‌!

colombotoday

අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday