Colombo Today Local News

බත්තරමුල්ලේ බන්ටි පොලිස් දැලේ පැටලෙයි

පාතාල කල්ලි සාමාජික “අංගොඩ ලොක්කා”ගේ සමීපතමයෙකු ලෙස සැලකෙන බත්තරමුල්ලේ බන්ටි නැමැත්තා තලංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ග‍්‍රෑම් 07 ක් සහ හෙරොයින් ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් 54,000 ක මුදල් ද සමගයි. මෙම සැකකරු රාජගිරිය, බත්තරමුල්ල, තලංගම සහ අවට ප‍්‍රදේශවල මත්කුඩු ජාවාරමේ නිරත වී ඇති බවටයි පොලිසිය තොරතුරු අනාවරණ කරගෙන ඇත්තේ.

සැකකරුගේ නිවස වටලන අවස්ථාවේ එහි සිටි තවත් පුද්ගලයින් තුන්දෙනෙකු ද තලංගම පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් බත්තරමුල්ලේ බන්ටි නැමැති සැකකරුගේ මත්කුඩු ජාවාරම්වලට සහය දුන් අය බවට සැක කෙරේ.

බත්තරමුල්ලේ බන්ටි නැමැත්තා, පුද්ගල ඝාතන, වෙඩි තැබීම් ඇතුළු සිද්ධීන් කිහිපයකට සම්බන්ධ අය බව ද පොලිසිය පවසයි.

පාතාල සාමාජික සමයං ඝාතන සිද්ධියේ සැකකරුවෙකු වන ඔහු වසර දෙකක පමණ කලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිට මීට මාස 06 කට පමණ පෙර ඇප මත නිදහස් වූ අයෙකු බව ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

පොහොට්ටුව පළාත්සභා මැතිවරණයට සූදානම්.. මහ ඇමති අපේක්ෂකයන්ගේ නම් යෝජනා වෙයි

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලා මරණ ජනපතිගේ තීන්දුවට ජවිපෙ දැඩි විරෝධය…

colombotoday

තවත් වසර 10කට එජාප මුල් පුටුව රනිල්ට.. 60පනින තුරු සජිත්ට නායකකම් නෑ.. තිබූ තනතුරත් අහෝසියි

colombotoday

අලුත්ගම නගරයේ තවත් වෙළඳසැල් පහක් වැසේ

colombotoday

මෙච්චර හොද දේවල් කරන අපට ඇයි පොල් ගහන්නෙ – ඇමති ජෝන් අසයි

colombotoday

මධ්‍යම අධිවේගයේ දූෂණ හොයන කෝප් පරීක්ෂණවලට කිරිඇල්ලගෙන් බාධා !

colombotoday