Colombo Today Local News

බදියුදීන්ගේ මාරාන්තික ප්‍රහාරයෙන් පසු මෙරට ගම්මිරිස් වගාවට තවත් හෙණයක්…

ෆයිටොප්තෝරා කැප්සීසී නමැති දිලීරයක් හේතුවෙන් දිවයින පුරා ගම්මිරිස් වගාවන් ක්ෂණික මැළවීමේ රෝගයකට ගොදුරු වී ඇති බව හඳුනාගෙන තිබෙනවා.

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ, මධ්‍යම පර්යේෂණ ආයතනය සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් ගම්මිරිස් ගොවීන් දැඩි අවධානයකින් පසුවිය යුතු බවයි.

වර්ෂාවෙන් අනතුරුව හටගන්නා ඉඩෝර තත්ත්වයෙන් මසකට පමණ පසුව ක්ෂණික මැලවීමේ රෝගය ඇතිවීමේ අවදානම පවතින බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. මෙහි රෝග ලක්ෂණ වශයෙන් කොළ, කරල්, වැල් ඇතුළු ගම්මිරිස් වගාවේ සියලු කොටස් කහ පැහැ ගැන්වීමත් සති දෙකකින් පමණ  කාලයකින් අනතුරුව ගම්මිරිස් වැල්ද මැලවී වැටීමත් සිදුවන බවත්, මෙම තත්ත්වය සම්බන්ධයෙන් ගොවීන් දැනුවත් වී අවධානයෙන් සිට රෝගය මුල් අවස්ථාවේ හඳුනා ගත යුතු වනවා.

එලෙස හඳුනාගැනීමෙන් අනතුරුව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති නිළධාරීන් වෙත දන්වා නිර්දේශිත දිලීර නාශක යෙදීම මඟින් රෝගය පාලනය කළ හැකි බවයි එම ආයතනය පවසන්නේ.

මැලේසියාවෙන් බාල තත්ත්වයේ ගම්මිරිස් ආනයනය කර ශ්‍රී ලාංකීය නාමය යටතේ නැවත ප්‍රති අපනයනය කිරීම නිසා ලෝක වෙළදපලේ මෙරට ගම්මිරිස් සදහා අනාදිමාත් කාලයක සිට පැවති කීර්ති නාමයට දැඩි ලෙස හානි සිදුවුණු අතර ඒ හේතුවෙන් ගම්මිරිස් මිලේ දැවැන්ත කඩා වැටීමක්ද පසුගිය සමයේ වාර්තා විය. මෙම ජාවාරම සදහා චෝදනා එල්ලවූයේ වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ටය. ඔහුගේ ඇමති බලතල යොදාගෙන සොයුරා විසින් මෙම ජාවාරම ක්‍රියාත්මක කළ බවට චෝදනා එල්ලවිණි.

Related posts

ජනපතිට එරෙහි පෝස්ටර ගැසුවැයි හිමිනමක් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ

colombotoday

සුබේරිට සල්ලි ගෙව්ව හැටි කබ්රාල් කියයි

colombotoday

යාපනේ ගිය සජිත් ප්‍රේමදාස හා 13 වන සංශොධනය

colombotoday

කිරිඇල්ල 100දෙනකුට වාහන දීලා නිදහසේ ඉන්නවා – විමල් අසයි

colombotoday

රවී කබීර් ගැටුම උග්‍ර අතට… ලිට්රෝ ගෑස්, රක්ෂණ සංස්ථාව හා ලංකා හොස්පිටල් කොට උඩ

colombotoday

යුද සෙබලෙක් තුර්කි කතකට බසයක් තුළදී ලිංගික අතවරයක් කරලා

Admin