Colombo Today Local News

බදියුදීන් අත්අඩංගුවට ගන්න කියා නියෝගයක් ආණ්ඩුව දීලා නෑ. දැන් පොලිසිය ස්වාධීනයි – ජොන්ස්ටන් ප්‍රනාන්දු

අද මම ප්‍රවෘත්තියක් දැක්කා දේශපාලනික වශයෙන් පලිගැනීම් කරන්න රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගන්න නියෝග කරලා කියලා. එහෙම කිසිම නියෝගයක් අපේ ආණ්ඩුව දීලා නැහැ. අපේ ආණ්ඩුවේ කිසිම දේශපාලනඥයෙක් මේ පරීක්ෂණ වලට අතදාන්නෙ නෑ. නඩුකාරවරුන්ට පොලිසියට දුරකතන ඇමතුම් දෙන්න ඒ නිලධාරීන්ට බලපෑම් කරලා කැලෑ නීති ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වන ආණ්ඩුවක් නෙමෙයි මේ ආණ්ඩුව. ඒක තමයි ඇත්ත.

රිෂාඩ් බදියුදීන් මහත්තයා ඔබ කවුරුත් දන්නවා ඡන්ද කාලයේ බස් වලට රුපියල් ලක්ෂ අනූ පහක් ගෙවලා තමන්ට අවශ්‍ය ඡන්ද ටික දාගන්න බලපෑම් කරපු නිසා තමයි මේ අත්අඩංගුවට ගන්න දාල තියෙන්නෙ. ජනතාව බැන්නා අපේ ආණ්ඩුවට ඇයි මේවට නීතිය ක්‍රියාත්මක කලේ නැත්තෙ කියලා .හැබැයි හරියටම නීතියට ඊට ඉඩ දීලා බලපෑම් නොකර තමයි අපි මේ තීන්දුව අරන් තියෙන්නේ.

ඊළඟට රිෂාඩ් බදියුදීන් මහත්තයාගේ සහෝදරයා ඔහුව සම්පූර්ණයෙන්ම නිදහස් කලා .ඒ ගැන වහාම හොයන්න අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කළා. මේ පරීක්ෂණය ගැන අපිට අවිශ්වාසයක් තිබෙනවා ,ඒ නිසා මේ ගැන හොයල බලන්න කියලා.දැන් ඒ ගැන හොයල බලනවා.ඒව ගැන හොයන්න ඕනා.

කැලෑ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ කියලා නීතියෙන් පරිබාහිරව යම් යම් අය තීන්දු ගන්නවා නම් ,නීතිය තියෙද්දි නීතිය ක්‍රියාත්මක කරන්නෙ නැතුව නිදහස් කරනවා නම් ඒක වැරැද්දක්. ඒ වැරැද්ද කරන්නේ රටේ ජනතාවට. ඒ නිසා රටේ නීතිය ක්‍රියාත්මක කරන ස්ථානවල නිලධාරීන් දැනගන්න ඕන මේ ගැන නීතිය හරියටම ක්‍රියාත්මක කරන්න.

මට නඩු දැම්මේ ජනතාවට කන්න දුන්න කියල.මාව උදේ 9යට FCID ගෙනියලා දවල් 2 වෙනකන් ඉඳලා මට කිව්වා ගෙදර යන්න පුලුවන් ඔබතුමාට,ගිහිල්ලා දවල් කෑම කන්න පුළුවන් කියලා.මේක අවසන් කරනවා කියලා.හරියටම දෙකට ඒ නිලධාරියට කෝල් එකක් ඇවිල්ල කිව්වා දැන් නියෝගයක් ආව ඔබතුමා උසාවියට ඉදිරිපත් කරන්න කියලා.ඒ නිසා කෑම ටික මෙහෙට ගෙනල්ලා කන්න කියලා.මම කිව්වා කෑම ප්‍රශ්නයක් නෑ මම උසාවියට ඉදිරිපත් කරන්න කියලා.එහෙමයි එදා නීතිය ක්‍රියාත්මක වුනේ.

මට නඩු එකොළහක් දැම්මා.තව නඩු හතරක් තියෙනවා.මාව දවස් හැත්තෑ හයක් හිරගෙදරට දැම්මා.අන්තිමට ඒ හැම එකෙන්ම මම නිදහස් වුණා .එතකොට මට වෙච්ච අපහසය. මට ඇතිවෙච්ච පීඩනය .ඒවට කවුද උත්තර දෙන්නේ.ඒවා ඔක්කොම මේ පහුගිය රජයට අමතක උනා.සදාකල් බලය ඉන්න පුළුවන් කියලා හිතාගෙන නීතිය අතට අරගෙන එදා ක්‍රියාත්මක වුනා.

දැන් වැඩ බලන පොලිස්පති තුමා , එතුමා ඒ වැඩ රාජකාරි හොදට කරගෙන යනවා.එතුමා පෙරහැර වලට ගිහිල්ලා නටන්නේ නැහැ.එතුමා රැස්වීම් වල පැත්තට ගිහිල්ල ඉඳගෙන ටෙලිපෝන් කරලා කියන්නේ නැහැ නීතිය නමන්න පුළුවන් කියලා.එහෙම තිබුණ යුගයේ අපිට තාම මතකයි. රාජ්‍ය නිලධාරීන් කීදෙනෙක් FCID ගෙනිච්චාද. ලලිත් වීරතුංග ගාමිණී සෙනරත් වැනි මේ රටට වැඩ කරපු නිලධාරින් ගෙනිච්චා.

රාජ්‍ය නිලධාරීන් දැන් ජනතාව වෙනුවෙන් අත්සනක් ගහන්න පෑන උස්සන්නෙත් බයෙන් .ඒ යුගය තමයි යහපාලන ආණ්ඩුව නිර්මාණය කලේ යහපාලන බෝඩ් එක ගහගෙන වහපාලනය උදා කළේ. රාජ්‍ය නිලධාරීන්ට මීට පෙර කිසිම ආණ්ඩුවකින් විදියට තර්ජනය කළේ නෑ. රාජ්‍ය නිලධාරීන් සිටින්නේ ආණ්ඩුව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න. ජනතාවට උපරිම සේවය ලබා දෙන්න. කිසිම දිනක රාජ්‍ය නිලධාරීන්ට කරදර කරන්න හොද නැහැ.

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ අදහස් ප්‍රකාශ කලේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් සහ මගපෙන්වීමෙන් වයඹ පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හා ලෝක බැංකු මූල්‍ය ප්‍රතිපාදන මගින් බමුණුකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ළගා කර දීම සදහා රුපියල් මිලියන 22.7 ක් වැය කර ඉදිකරන ලද බමුණුකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය අද(14)දින ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙම අවස්ථාවට පශු සම්පත්, ගොවිපොල ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත ගරු රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් , කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර , වයඹ පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ රාජා කොල්ලුරේ යන මැතිතුමන්ලා ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය

Related posts

පාසල් දරුවන්ට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් සහන මිලට පොත්

Admin

පුංචි ඡන්දය මාර්තු 10ට පෙර – මැතිවරණ කොමිසම කියයි

Admin

කුරුණෑගල සජිත්ගේ රැස්වීමේ ලයිට් කපා ඇත්තේ අශෝක් අඹේසිංහගේ මස්සිනා

colombotoday

ලංකාව පරදා කුසලානය බංගලියෝ උස්සයි….

colombotoday

සිංගප්පූරු ගිවිසුම ක්‍රියාත්මක කළහොත් ඩොලරය රුපියල් 200 දක්වා ඉහළට…

colombotoday

ඔන්ලයින් ණය ලබාදෙනව කියා මුදල් වංචා කල කතක් අත්අඩංගුවට

Admin