Colombo Today Local News

බන්ධනාගාර බස් රථයට පාර්සලයක් විසිකළ පුද්ගලයා ලුහුබැඳ ගොස් අල්ලයි

බන්ධනාගාර රැඳවියන් පිරිසක් අධිකරණ සංකීර්ණයේ සිට යළි කළුතර බන්ධනාගාරය වෙත රැගෙන යාම සඳහා බන්ධනාගාර බස් රථයට නංවන අතරතුර දී සැකකටයුතු පාර්සලයක් ඒ දෙසට විසි කළ පුද්ගලයෙකු බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිදුවීම ඊයේ (27)දින දහවල් සිදුව ඇත.

අදාළ පුද්ගලයා එය විසිකර පළා ගොස් ඇති අතර එහිදී ඔහුව ලුහුබැඳ ගිය බන්ධනාගාර නියාමකවරයෙකු එම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබුණි.

එහිදී සිදුවූ පොරබැදීමෙන් තුවාල ලැබූ බන්ධනාගාර නියාමකවරයා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.

සැකකරු කළුතර දකුණ පොලිසියට භාරදීමෙන් අනතුරුව රඳවා තබා ගෙන ප්‍රශ්න කරනු ලබයි.

Related posts

මන්නාරමෙන් ලක්ෂ 50 කහ සහ කේරල ගංජා තොගයක් සොයාගනී

colombotoday

ඇදිරි නීතිය දීර්ඝ කරනවද? නැද්ද? තීරණය ඉදිරි පැය 48 තුල

colombotoday

පොහොට්ටුවේ වැඩ සටහන් කිහිපයක් තාවකාලිකව නවතී

colombotoday

දෙමළ පාසල්වලට සඳුදා නිවාඩු… 18වන සෙනසුරාදා පාසල්

Admin

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

colombotoday

පොලිස් ඇමතිට ජීවිත තර්ජනයක්

Admin