Colombo Today Local News

බබා පාර්ට් දාන බදියුදීන්ගේ සෙල්ලම්.. බදියුදීන්ගේ මෙහෙයවීමෙන් ක‍්‍රියාත්මක වන අන්තවාදී ඉගැන්වීම් කරන අරාබි ජාත්‍යන්තර පාසල් ජාලයක් මෙරට

හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගේ මෙහෙයවීමෙන් තුර්කි ආධාර යටතේ ක‍්‍රියාත්මක වන අන්තවාදී ඉගැන්වීම් සිදු කරන අරාබි ජාත්‍යන්තර පාසල් ජාලයක් මෙරට තුළ ක‍්‍රියාත්මක වන බව බොදු බලසේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පාස්කු ප‍්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය කළහ.

ජනාධිපති කොමිසම හමුවේ පෙරේදා පළමු දිනට සාක්ෂි ලබා දෙමින් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ එවැනි පාසල් 30 කට ආසන්න සංඛ්‍යාවක් මෙරට තුළ ක‍්‍රියාත්මක වන බවය.

ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් උන්වහන්සේ මෙසේද සඳහන් කළහ. හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගේ මෙහෙයවීමෙන් තුර්කි ආධාර යටතේ ක‍්‍රියාත්මක වන ජාලයක් මෙරට තුළ ක‍්‍රියාත්මක වනවා.

අදාළ ජාලය තුළ අරාබි ජාත්‍යන්තර පාසල් 30 ක් පමණ ක‍්‍රියාත්මක වනවා. එම පාසලක නම සඳහන් ප‍්‍රකාශයක් සිදු කළහොත් ඊට පසුදිනම එහි නම වෙනස් කිරීමක් සිදුකරන බැවින් මෙම පාසල් ජාලය පිළිබඳ තොරතුරු සෙවීමට අපහසුයි.

කෙසේ වෙතත් අදාළ පාසල් පිහිටුවා ඇත්තේ තිහාරිය, පුත්තලම, මාවනැල්ල යන ප‍්‍රදේශ තුළයි. ඒවායේ ප‍්‍රධානීන් ඉහ්වාන් හා ජමාතේ ඉස්ලාම් යන අන්තවාදී මතයන් දරන්නන්ය. ශ‍්‍රී ලංකාවේ සිටියදි අයි. එස්. සංවිධානයේ ක‍්‍රියාකාරකම් සඳහා යොමුවූ පළමු පුද්ගලයාද ගලේවෙල ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය අරාබි ජාත්‍යන්තර පාසලක විදුහල්පතිවරයෙකි.

මෙහිදී ජනාධිපති කොමිසම ඥානසාර හිමියන්ගෙන් විමසා සිටියේ ‘‘මෙරට තුළ ෂරියා විශ්වවිද්‍යාල ඇති බවට තොරතුරු ලැබුණේද?’’ යන්නයි.

ඊට පිළිතුරු දුන් උන්වහන්සේ සඳහන් කළේ මෙරට කිසිදු විශ්වවිද්‍යාලයක් රටේ නායකයෙකුගේ නමින් හෝ ආගමික නායකයෙකුගේ නමින් නම් කර නොමැති පසුබිමක නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා ඇතුළු කණ්ඩායමක් ‘මලික් අබ්දුල්ලා’ යන සෞදි අරාබි රජවරයෙකුගේ නමින් මෙරට තුළ විශ්වවිද්‍යාලයක් ඉදි කළ බවය.

විරෝධතා සිදුකර එම විශ්වවිද්‍යාලය ඉදි කිරීම වළක්වා ගැනීමට නොහැකි වුවද ඊට ඇතිකළ විරෝධතාවන් හමුවේ ‘මලික් අබ්දුල්ලා’ යන නම ගලවා දැමීමට හැකිවූ බව උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත් අද වන විට එය බැටිකලෝ කැම්පස් ලෙස පවතින බවත් මේ වන විට එහි ෂරියා ඉගැන්වීම් සිදු නොකරන බව හිමිකරුවන් පැවැසුවද ර්‍ණ්රඑි සබ ිය්රස් සික්පසජ ර්‍ණ යන ඉගැන්විම සිදුකිරීමට ඔවුන් සූදානමින් සිටි බව ඥානසාර හිමියෝ සිය සාක්ෂි ලබාදීමේදි කියා සිටියහ.

සිය සාක්ෂි ලබාදීමේදී උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ අබ්දුල් රාසික් නමැති පුද්ගලයකු දෙහිවල ප‍්‍රදේශයේ පවත්වාගෙන යන බීකාස් නමැති අධ්‍යාපන ආයතනය තුළද ඇතැම් අන්තවාදී ඉගැන්වීම් සිදු කරන බවයි.

එසේම විදේශයන්හි සිට අන්තවාදීන් මෙරටට එවනු ලබන මුදල් ගණනය කිරීම සඳහා මෙරට තුළ තවමත් නිසි ක‍්‍රමවේදයක් නොමැති බවද ඥානසාර හිමියෝ ජනාධිපති කොමිසමට පැහැදිලි කළහ.

උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ මෙරට තුළ කාලාන්තරයක් පුරා සිදුවූ අන්තවාදී ක‍්‍රියාකාරකම් පිළිබඳව තමන් හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ එවක හිටපු ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලිඛිතව ක‍්‍රමානුකූලව ද මෙම අන්තවාදී ක‍්‍රියා පිළිබඳව දැනුවත් කළ බවය.

එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පමණක් තමන් ඇතුළු පිරිස ආරක්ෂක අමාත්‍යාංශයට කැඳවා මේ පිළිබඳ විමසීම් කළ බවත් වෙනත් කිසිදු වගකිවයුත්තෙකු හෝ රජයක් 2012 වසරේ සිට පාස්කු ප‍්‍රහාරය එල්ලවන තුරු අන්තවාදය පිළිබඳව තමන් හෙළි කළ තොරතුරු ගැන කිසිදු අවධානයක් යොමු නොකළ බව උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

Related posts

බස් රථයකදී කොස්තාපල්වරියකට ලිංගික අතවර කළ ලිපිකරුවක්

Admin

කෝටි හතර හමාරකට විකිනීමට ගිය ගජමුතු යුගලක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

colombotoday

ගංජා වැවූ මොනරාගල SSP මාට්ටු

Admin

ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයක්

Admin

මුහුද යටින් කේබලයක්.. විදුලිබල පද්ධතිය ඉන්දියාවට අමුණයි.. විදුලියත් ඉන්දියාවෙන් !

colombotoday

නවයකන්ට අමානුෂික ලෙස පහර දුන් යාපනේ සරසවි සිසුන් 7කගේ පන්ති තහනම්

colombotoday