Colombo Today Local NewsCovid 19

බස්නාහිර පළාත අවදානම් කලාපයක් ලෙස නම් කිරීමට හේතුව

මේ වන විට රජය විසින් වැඩි අවධානයක් යොමු කොට ඇති කොළඹ ,කලුතර ,ගම්පහ යන දිස්ත්‍රික්ක වලට එම අවධානය යොමු කිරිමට විශේෂ හේතුව වන්නේ මෙරටින් වාර්තා වු රෝගින් 101 දෙනාගෙන් වැඩිම රෝගින් සිටින්නේ මෙම දිස්ත්‍රික්ක තුළ බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

මෙම කොරෝනා වෛරසය පැතිරිමේ අවදානමෙන් මිදිම සඳහා මෙම විශේෂ සැලකිල්ලක් මෙම දිස්ත්‍රික්ක වලට යොමු කළ බවත් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව ගම්පහින් 10 දෙනෙකුත්, කොළඹ දිස්ත්‍රික්කයෙන් 21 දෙනෙකුත්, කලුතර දිස්ත්‍රික්කයෙන් 13 දෙනෙකුත් වශයෙන් වාර්තා වි ඇති බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම නිසා රජය විසින් ගෙන යන විධිමත් වැඩපිළිවෙලට ජනතාවගේත් පූර්ණ සහයෝගය ලබා දිමට වග බලා ගත යුතු  බවත් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

අද (24) පැවති කොරෝනා මර්දන මාධ්‍ය ක්‍රියාන්විතයට එක්වෙමින් ඔහු මේ බව අවධාරණය කළේය.

Related posts

පාස්කු කොමිසම් වාර්තාව : අමාත්‍ය අනු කමිටු අවසන් වාර්තාව ජනපති අතට

colombotoday

“ආවා“ කල්ලියට අරමුදල්, අත හිත නෝර්වෙන්

colombotoday

වැලි ජාවාරම්කරුවන් පිරිසකට පොලීසියෙන් වෙඩි

colombotoday

කුරුණෑගල ගොඩනැගිල්ල කඩා දැමීම ගැන නගරාධිපතිගෙන් ප‍්‍රශ්න කරයි

colombotoday

වරායේ ඇති කිරිපිටි කන්ටේනර් නිදහස් කරගන්න තවමත් සල්ලි නෑ

colombotoday

කොටුව රෙජිස්ට්‍රාර්වරියගේ සිද්ධිය : තවත් අධිකරණ සේවකයෙක් අත්අඩංගුවේ

Admin