Colombo Today Local News

බස් මගීන්ගේ ගැටලු ඉදිරිපත් කරන්න BAD BUS

මගී ප්‍රවාහනය සම්බන්ධ ගැටලු ඉදිරිපත් කිරීම සඳහා “BAD BUS” නමින් ජංගම දුරකථන යෙදවුමක් එළි දැක්වීමට ප්‍රවාහන අමාත්‍යාංශය කටයුතුකර තිබේ.

ඒ පිළිබඳව වූ සාකච්ඡාවක් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11)දින එම අමාත්‍යාංශයේදී පැවැත් විණි.

ලංගම හා පෞද්ගලික බස් රථ, මෝටර් රථ දෙපාර්තමේන්තුව ඇතුළු ප්‍රවාහන ක්ෂේත්‍රයට සම්බන්ධ ස්ථාන වලදී ජනතාවට මුහුණ දීමට සිදුවන ගැටලු පිළිබඳ පැමිණිලි කිරීම සඳහා BAD BUS නමින් මෙම ජංගම දුරකථන යෙදවුම ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය විසින් එළි දක්වා තිබේ.

මගීන්ට පමණක් නොව බස් රථ හිමියන්ටද තමන් මුහුණ දෙන ගැටලු මේ හරහා ඉදිරිපත් කිරීමට හැකියාවක් ඇත.

Related posts

දඹුල්ලේ බලු බදු යෝජනාව වාර්තා කළ මාධ්‍යවේදීන් CID යට කැදවයි

colombotoday

වඳ සැත්කම් කළ බවට චෝදනා එල්ල වූ වෛද්‍ය ෂාෆිට නීතිපති හිග වැටුප් ගෙවයි

colombotoday

පුදබිම අසල හෝටල් ඉදිකිරිම නවතනු – බොදු බල සේනාව මධ්‍යම පරිසර අධිකාරියට

colombotoday

මේ ජාතිකවාදී මත දරන ගිහි-පැවිදි නායකයන්ට සිර කුටිය උරුමවන යුගයක් !

colombotoday

සී.එස්.එන් රූපවාහිනී නාලිකාවට විකාශන බලපත්‍රය යලිත් ලබා දෙයි.

colombotoday

ගැටුමට මුල්වු දුම්රිය ආරක්ෂක හමුදා සැරයන්ගේ වැඩ තහනම්

Admin