Colombo Today Local News

බහින්බස් වීමක් දුර දිග යාමෙන් තියුණු ආයුධයකින් පහර දී තරුණයෙක් ඝාතනය කෙරේ

කෑගල්ල නගරයේ දී බහින්බස් වීමක් දුර දිග යාමෙන් ඇති වූ ආරවුලකින් පුද්ගලයින් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් පහරදීමක් සිදුකර ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු කෑගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

ඊයේ (05)දින රාත්‍රීයේ දී මෙම පහරදීම සිදු වී ඇති බව පොලීසිය පවසයි.

අදාළ පහරදීමෙන් මියගොස් ඇත්තේ 20 හැවිරිදි, වින්සන් වික්‍රමසිංහ මාවත, කෑගල්ල ලිපිනයේ පදිංචිකරුවෙකි.

මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය කෑගල්ල රෝහලේ තැන්පත් කර ඇති බව වාර්තා වේ.

අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරු පළ ගොස් ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගැනීමට සඳහා කෑගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

“ඥානසාර හිමිගේ පිරිත් අසා මියපරලොව ගිය අගමැතිගේ අම්මාත් පුතාට සාප කරයි”

colombotoday

පළාත් පාලන මැතිවරණය අත්හිටුවීමේ රිට් ආඥාවක් ඉල්ලා පෙත්සමක්

Admin

ඉන්දන මිල යලි සංශෝධනයක

Admin

මෙරට වාහන එකලස් කිරීමට අවසර

colombotoday

බියර් කන්ටේනරයක් ටයිල් ලොරියක ගැටෙයි

colombotoday

රාජ්‍ය අමාත්‍යාංශ 35කට නව ලේකම්වරුන්

colombotoday