Colombo Today Local News

බැදුම්කර වාර්තාව අද පාර්ලිමේන්තුවට

බැඳුම්කර කොමිසමේ වාර්තාවේ පිටපත් අද 17දා පාර්ලිමේන්තුව වෙත යොමු කරන බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි.

අදාළ විමර්ශන වාර්තාව තමන් වෙත ලබාදෙන ලෙස ඉකුත් දා කතානායක කරු ජයසූරිය මහතා ජනාධිපති ලේකම්වරයා වෙත දැනුම් දෙනු ලැබීය.

ප‍්‍රශ්නගත මහ බැංකු බැඳුම්කර ගණුදෙනුවට අදාළ ජනාධිපති කොමිසමේ විමර්ශන වාර්තාව ජනාධිපතිවරයාට බාරදීමත් සමඟ ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ලබාදෙන ලෙස විවිධ පාර්ශ්ව කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.

ඒ අනූව පසුගිය 10 වෙනිදා අදාළ වාර්තාව සම්බන්ධයෙන් විවාදයට ගැනීම සඳහා හදිසි පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවනු ලැබු අතර, ඒ මොහොත වනවිටත් බැඳුම්කර කොමිසමට අදාළ විමර්ශන වාර්තාවේ පිටපත් පාර්ලිමේන්තුවට ලැබී තිබුනේ නැත.

රැුස්වීම අතරතුර අග‍්‍රාමාත්‍යවරයා බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරීමට කටයුතු කිරීමත් සමඟ පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති විය.

එවැනි පසුබිමක පාර්ලිමේන්තුවේ හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවූ කතානායකවරයා සභාවට දැනුම් දුන්නේ බැඳුම්කර කොමිසමේ ජනාධිපති විමර්ශන වාර්තාවේ පිටපත් ජනවාරි 17 වනදා පාර්ලිමේන්තුවට යොමු කරන බවට ජනාධිපති ලේකම්වරයා තමන්ට දැනුම් දුන් බවයි.

ඒ අනුව අද දෙරණ කළ විමසීමකදී ජනාධිපති ලේකම්කාර්යාලයේ ප‍්‍රකාශයකු සඳහන් කළේ හෙට දිනයේදී ප‍්‍රශ්නගත මහ බැංකු බැඳුම්කර ගණුදෙනුවට අදාළ ජනාධිපති කොමිසමේ විමර්ශන වාර්තාවේ පිටපත් පාර්ලිමේන්තුවට යොමු කරන බවයි.

Related posts

20 ඇතැම් කරුණු වලට ජනමත විචාරණයක් අවශ්‍යයි

colombotoday

ශී‍්‍රලනිප- පොහොට්ටු සාකච්ඡා සතියක් තුළ අවසන් කරනවා

colombotoday

හෙල්මට් නැතුව ගිය මන්ත්‍රීට දඩ ගැහු පොලිස් නිලධාරීන්ට ගල් ගහලා

colombotoday

“ඔන්න බබෝ අපි ආවෝ.. අත ලකුණෙන් අපි ආවෝ” – ශ්‍රීලනිප සමුළුවේ විස්මිත ගුවන් වීඩියෝව

colombotoday

ජනවාරියේ වැඩිකළ විදුලි ගාස්තු අඩුවෙයි?

Admin

දඬුගම දී හෙරොයින් ග්‍රෑම් 30 ක් සමග අයෙක් කොටු

colombotoday