Colombo Today Local News

බීමත් කාන්තාවකගේ ඇඟේ හැපී හිරි ඔතප් බින්දැයි පොලිස් නිලධාරීන් දෙදෙනෙක්ට අත්හිටවූ සිරදඬුවම්

කොළඹ, කොටුව දුම්රිය ස්ථානය තුළ බීමත්ව කාන්තාවකගේ ඇඟේ හැපී ඇයගේ හිරි ඔතප් බිඳීමට ක්‍රියා කළේ යැයි එල්ල කර තිබූ චෝදනාවට වරද පිළිගත් පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් පසුගිය 30 වනදා අත්හිටවූ සිර දඬුවම් සහ රජයේ ගාස්තු නියම කරන ලදී.

ඒ අනුව කොළඹ පොලිස් මූලස්ථානයේ සේවය කරන නිලධාරීන් දෙදෙනෙකුට වසර 05 කට අත්හිටවූ බරපතළ වැඩ සහිත එක් වසරක සිරදඬුවමක් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා ඊට අමතරව රුපියල් 2,500 බැගින් රජයේ ගාස්තුවක් ගෙවන ලෙස ද නියම කළේය. එම රජයේ ගාස්තුව ගෙවීම පැහැර හරිනු ලැබූවොත් අමතරව මාස 6 ක සිර දඬුවම් නියම කරන බවද විනිසුරුවරයා සිය තීන්දුවෙන් සඳහන් කර සිටියේය.

එමෙන්ම විත්තිකරුවන් විසින් අගතියට පත් කාන්තාවට රුපියල් ලක්ෂය බැගින් වන්දි ගෙවිය යුතු බවත් එම වන්දිය ගෙවීම පැහැර හරිනු ලැබුවේ අමතරව වසර 2 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කරන බවද කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් ප්‍රකාශයට පත් කළ තීන්දුවේ සඳහන් කර තිබුණි.

2017 වසරේ ජූලි මස 10 වනදා කොළඹ , කොටුව දුම්රිය ස්ථානය තුලදී බීමත්ව කාන්තාවකගේ ඇඟේ හැපී ඇයගේ හිරිඔතප් බිඳීමක් සිදු කළ බවට චෝදනා කරමින් එහි සිටි පුද්ගලයෙකු විසින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව විමර්ශන සිදු කළ පොලිසිය විසින් එම සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබීය. මොවුන් පොලිස් මූලස්ථානයේ සේවය කරන බවටද විමර්ශනවලදී තොරතුරු අනාවරණය විය. ඉන් අනතුරුව නීතිපතිවරයා විසින් එම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර ගොනු කරන ලදී.

මෙම අධිචෝදනා පත්‍ර අද කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී එම චෝදනා වලට තමන් වරද පිළිගන්නා බව විත්තිකරුවන් විසින් විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කළහ. ඒ අනුව විනිසුරුවරයා විසින් ඔවුන්ට මෙම දඬුවම් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

Related posts

පළමු පාසල් වාරයේ විභාග නොපැවැත්වීමට තීරණයක් !

colombotoday

ලාෆ් ගෑස් නැවක් හෙට ළගාවෙයි

colombotoday

“අප රටේ කොඳු නාරටිය බෞද්ධ දර්ශනයයි. මෙහි ඉපදෙන සියලුදෙනා එයට ගරු කල යුතුයි.” මැල්කම් රංජිත් අගරදගුරුතුමා පවසයි.

colombotoday

දෙමළ ජනතාව ඡන්දය දිය යුත්තේ කාටද? LTTE ඩයස්පොරාවේ තීරණය නිවේදනය කරයි…

colombotoday

විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනයට තීරණයක්

Admin

විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ මඩින්න ජනාධිපති කාර්යසාධක බලකායක්

Admin