Colombo Today Local NewsTop Stories

බොදුබල සේනා සංවිධානයේ හිමිවරුන්ට ජනාධිපති මෛතී‍්‍ර සිය කනගාටුව පළ කර සිටී.

බොදුබල සේනා සංවිධානයේ හිමිවරුන් ඇතුළු පිරිසක් අද (19) පෙරවරුවේ සංදේශයක් භාරදීමට ජනාධිපති කාර්යාලයට පැමිණි අවස්ථාවේ උන්වහන්සේලාට කඳුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන් සිදු වූ අපහසුතාවය පිළිබඳව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පෞද්ගලිකව ම සිය කනගාටුව පළ කර සිටී.

උන්වහන්සේලා අද දිනයේ දී ජනාධිපතිතුමා හමුවීමට පැමිණෙන බවට දැනුවත් වී නොතිබූ අතර, කඳුළු ගෑස් ප‍්‍රහාර එල්ල කිරීමට උපදෙස් ලබා දුන් අයට එරෙහිව වහාම පරික්ෂණයක් පැවැත්වීමට ද ජනාධිපතිතුමා උපදෙස් දී තිබේ.

අනතුරුව අදාළ ස්වාමින් වහන්සේලා ඇතුළු පිරිස හමු වී සුහද කථා බහක නිරත වූ ජනාධිපතිතුමා උන්වහන්සේලා විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ අධිකරණ කටයුතුවලට අදාළව ඉදිරිපත් කර ඇති ඉල්ලීමක් සහිත ලිපිය භාරගනු ලැබීය.

Related posts

සුදු වෑන් රියෙන් ඇවිත් හිටපු හමුදා නිලධාරියෙකුට වෙඩි තබා පැන යයි !

colombotoday

මෛත්‍රීපාල සිරිසේනගේ තීන්දුවට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝගයක්

colombotoday

උදිත් ලොකුබණ්ඩාර අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් ධුරයට

colombotoday

මද්දට හසුව සිටියදී බෙරා ගත් දිවියාට ප්‍රතිකාර කර කැළෑවට මුදාහරී

colombotoday

තවත් ලාංකික කොරෝනා රෝගීන් තිදෙනෙකු හදුනාගනී…

colombotoday

වෘත්තීය පුහුණු වැඩසටහන් අද සිට ආරම්භ වේ

Admin