World

බොලිවුඩ් රංගන ශිල්පී සුෂාන්ත් දිවියට සමුදෙයි

අභාවප්‍රාප්ත බොලිවුඩ් රංගන ශිල්පී සුෂාන්ත් සිං රාජ්පුත්ගේ අවසන් කටයුතු ඊයේ (15)දින සිදු කළේය.

ඒ ඔහු වාසය කළ මුම්බායි නගරයේදීයි.

“පීකේ“ , “එම් එස් දෝනී“ – “දි අන්ටෝල්ඩ් ස්ටෝරි“, සහ “චිච්චෝරේ“ වැනි චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය ලබාදුන් බොලිවුඩ් රංගන ශිල්පී සුශාන්ත් සිං රාජ්පුත්ගේ මරණය බොලිවුඩය පමණක් නොව සමස්ත ලෝකයේම බොලිවුඩ් සිනමා ලෝලීන් කම්පනයට පත් කළේය.

ඔහු රංගන දායකත්වය සැපයූ චිත්‍රපට අතරින් හිටපු ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනිගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය කළ එම් එස් දෝනී – දි අන්ටෝල්ඩ් ස්ටෝරි හි සිදුකළ රංගනය දැඩි ප්‍රේක්ෂක ප්‍රසාදය දිනා ගත්තේය.

රූපවාහිනී දීර්ඝ ටෙලිනාට්‍ය ඔස්සේ ක්ෂේත්‍රයට පිවිසි ඔහු බොලිවුඩය හා එක්වුණේ 2013 වර්ෂයේදීයි.

එදා සිට මේ දක්වා චිත්‍රපට 11 කට ඔහු රංගන දායකත්වය සපයා ඇති අතර අවසන් චිත්‍රපටය ඉදිරියේ දී එළිදැක්වීමට නියමිතව තිබේ.

සුශාන්ත් මුම්බායි හි පිහිටි සිය නිවසේදී දිවි නසාගෙන තිබුණේ පසුගිය ඉරිදායි.

ඒ වන විට ඔහු 34 වන වියේ පසු විය.

කලක් විශාදය රෝගයටත් ඔහු ගොදුරුවී සිටි බවට වාර්තා පල විය.

කෙසේ වෙතත් සුශාන්ත් දිවි නසා ගැනීමට නිශ්චිත හේතුවක් තවමත් අනාවරණ වී නැහැ.

සුශාන්ත්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මුම්බායිහි පවන් හාන්ස් ආදාහනාගාරයේදී සිදු කෙරුණි.

ඒ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන්.

Related posts

අමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රින්ග්ස් ප්‍රදේශයයේ සමූහ වෙඩිතැබීමක්

colombotoday

අසාධ්‍යයයි.. මිය ගියේ නෑ.. ජයලලිතා මියයෑමේ වාර්තා රෝහල ප්‍රතික්ෂේප කරයි

colombotoday

එන්නත කෙරෙහි පමණක් විශ්වාසය තැබීම බරපතළ වරදක්

colombotoday

රාහුල් ගාන්ධි මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීම ගැන ඉන්දීය අගමැතිගේ විරෝධය

Admin

ගතවු පැය24 දී ස්පාඤ්ඤයේ කෙරෝනා මරණ 838 ක්

colombotoday

ජිල් බයිඩන් ට කොවිඩ්

Admin