Colombo Today Local News

මණ්ඩතිව් නාවික කදවුර පුළුල් කිරීමට TNA විරෝධය… මිනින්දෝරුවන් හරවා එවයි…

යාපනය වේලනෙයි මණ්ඩතිව්හි පිහිටි නාවික හමුදා කඳවුරු භූමිය ප්‍රමාණයෙන් විශාල කිරීමට රජයෙන් ගෙන ඇති තීරණයට අනුව එම කඳවුරු භූමියේ මැනුම් කටයුතු කිරීමට අද (11) උදෑසන පැමිණි මිනින්දොරු වරු පිරිසකට දෙමළ ජාතික සන්ධානයේ හිටපු උතුරු පළාත් මන්ත්‍රීවරයෙකු වූ එම්.කේ සිවාජිලිංගම් ඇතුළු පිරිසක් විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.

මණ්ඩතිව්හි නාවික හමුදා කඳවුර ආසන්නයේ මෙම විරෝධතාවය පැවති අතර එහිදී අද දින අදාළ නාවික හමුදා කඳවුරු භූමිය විශාල කිරීම සඳහා අවශ්‍ය කරන මැනුම් කටයුතු වෙනුවෙන් මිනින්දොරු වරුන් පැමිණි වාහනය හරස් කරමින් එයට ගමන් කිරීමට නොහැකි වන අයුරින් විරෝධතාවයේ නිරත වීමට හිටපු මන්ත්‍රීවරයා ඇතුළු පිරිස පියවර ගෙන තිබුණි.

අදාළ පිරිසේ විරෝධතාවය හේතුවෙන් මැනුම් කටයුතු සඳහා පැමිණි මිනින්දොරු වරුන් පිරිස ආපසු හැරී ගොස් ඇත්තේ වෙනත් දිනක නැවත පැමිණෙන බව පවසමිනි.

නමුත් විරෝධතාවයේ නිරත සිවාජිලිංගම් ඇතුළු පිරිස පවසා ඇත්තේ මණ්ඩතිව් නාවික හමුදා කඳවුර විශාල කිරීමට ගෙන ඇති තීරණයට තම ජනතාව කිසිසේත්ම එකඟ නොවන බවටත් තිබෙන ප්‍රමාණයට වඩා එක අඟලක් හෝ භූමිය ලබා දීමට එරෙහිව විරෝධතාවය ඉදිරියටත් පළ කරන අතරම එම ඉඩම් සාමාන්‍ය වැසියන්ට ලැබිය යුතු බවටත්ය.

ada.lk

Related posts

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් හෙටත් බෙදාහරින්නේ නෑ..

colombotoday

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

colombotoday

ක‍්‍රිකට් පාවාදීම ටොං පචයක්- සජිත්

colombotoday

පොල් මිළ ඉහළ යද්දී ෆාම් තෙල් කලවම් බාල පොල්තෙල් වෙළඳපොලට !

colombotoday

ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවතත් පිබිදෙමින් පවතිනවා – IMF වෙතින් සහතිකයක් !

colombotoday

ක්‍රිකට් අතුරුකමිටුවේ ගැසට්ටුව ලබන නඩු විභාගය තෙක් ක්‍රියාත්මක නොකෙරේ…

Admin