Colombo Today Local News

මන්දකට හසුවී තවත් දිවියෙකු අවසන් ගමන් යයි

ගාල්ල නෙළුව හත්පිටිය මැණිකාවිට ප්‍රදේශයේ අටවන ලද මන්දකට හසුවී මියගොස් සිටි දිවියෙකුගේ සිරුරක් හික්කඩුව වනජීවි නිලධාරීන්ට හමුවී තිබේ.

ඔවුන් පවසන්නේ මේ දිවියා දින හතරකට පෙර මියගොස් ඇති බවයි.

ඒ වන විටත් අදාළ සත්වයාගේ නිය, දත් කිසියම් පිරිසක් විසින් ගලවා ගෙන ගොස් තිබුණි.

කෙසේ වෙතත් පසුගිය දින කිහිපය පුරා බොහෝ දෙනෙක් කතාබහට ලක්කල නල්ලතන්නිය ලක්ෂපාන වතුයායේදී හමුවූ දුර්ලභ ගණයේ කළු කොටියා ද සොයා ගණු ලැබුවේ මන්දකට හසුවි සිටියදීයි.

එලෙස මුදාගැණුනා කොටියා දින කිහිපයකට පසු මියගියේය.

එවන් පසුබිමක තවත් කොටියෙකු හමුවන්නේ යටියන්තොට සීපොන් ප්‍රදේශයේ වනලැහැබක මන්දකට හසුවී සිටියදීය.

වනජීවි නිලධාරීන් විසින් එම කොටියා මුදාගෙන ශ්‍රී පාද රක්ෂිතයට නිදහස් කරනු ලැබුවේය.

Related posts

මයන්ත සජබ සභාපති ධු⁣රයෙන් ඉවත් වෙයි

colombotoday

බැඳුම්කර වංචාව ගැන විශේෂ මහාධිකරණයේ නඩු පැවැරීමට නීතිපති ඉල්ලයි

colombotoday

ක්‍රිකට් හොම්බෙන් යද්දී ලොක්කන්ට රථ ගාය වැළදේ.. කෝටි 10ක සුපිරි ජීප් රථ 08ක් ගෙන්වයි..

colombotoday

පාර්ලිමේන්තු රැස්වීම් සතියකට එක දවසයි

colombotoday

සියළුම රාජ්‍ය සේවකයන්ට රු 2500ක දීමනාවක්…

colombotoday

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් මානව හිමිකම් කොමිසමට කැදවයි

colombotoday