Colombo Today Local News

මන්නාරමෙන් ලක්ෂ 50 කහ සහ කේරල ගංජා තොගයක් සොයාගනී

මන්නාරම එරුක්කලම්පිඩ්ඩි මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී රුපියල් ලක්ෂ 50 කට ආසන්න වටිනාකමින් යුතු වියළි කහ සහ කේරල ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවෝ එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

උතුරුමැද නාවික විධානය විසින් එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේදී සිදුකරන ලද සෝදිසියකදී එරුක්කලම්පිඩ්ඩි මුහුදු තීරයේදී පැමිණි සැකකටයුතු වල්ලම් යාත්‍රාවක් පරික්ෂා කිරීමේදී යාත්‍රාව තුල තිබී කේරළ ගංජා සහ කහ තොගය හමු වී ඇත.

එහිදී වියළි කහ කිලෝ 710 ක් සහ කේරළ ගංජා කිලෝ 3 ග්‍රෑම් 700 ක් තිබී ඇත.

සැකකරුවන් දෙදෙනා වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා මන්නාරම් පොලීසිය වෙතට භාරදී තිබේ.

Related posts

තවත් බිත්තර මිලියන 92.1ක් ආනයනයට අනුමැතිය

Admin

Covid-19 ඉතාලියේ 148 බිලිගනී… ලෝකය පුරා මියගිය ගණන 3200 ඉක්මවයි…

colombotoday

බදුර්දීන් රකින්න දූෂණ විරෝධී පෙරමුණත් සෙට් වෙයි.. විල්පත්තුව කැපුවේ දැව සංස්ථාවලු !

colombotoday

වී මිළදී ගැනීමේ කටයුතු අද සිට ඇරඹේ…

colombotoday

ගෑස් ඉල්ලා දෙහිවලින් ගාලුපාර අවහිර කරයි

colombotoday

අරගලයේ ක්‍රියාකාරිකයෙකු වූ රන්දිමාල් ගමගේ අත්අඩංගුවට

Admin