Colombo Today Local News

මරණ දඬුවම් ලැබ සිටින සිරකරුවෙකු මෙහෙයවු තවත් මත්ද්‍රව්‍ය ජාවාරමක්

කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරකට අනුව හෙරොයින් ජාවාරම් කළ කාන්තාවක් ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහිදී සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මොවුන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම, බෙදාහැරීම හා මත්ද්‍රව්‍ය අලෙවිකර ලබාගන්නා මුදල් විවිධ ගිණුම්වලට බැරකිරීම සිදුකරන බවය.

මොවුන් ජාවාරම් කටයුතු සඳහා යොදාගත් වෑන් රථයද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩිදුරටත් සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මෙම ජාවාරමේ සියලු කටයුතු ජංගම දුරකථන යොදාගනිමින් මෙහෙයවා ඇත්තේ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් වැරදි දෙකකට මරණ දඬුවම් ලැබ සිටින සිරකරුවෙකු බවය.

මෙම සිරකරු විදේශීය රටක සිටින පුද්ගලයෙකු සමග දුරකථන මාර්ගයෙන් මෙම ජාවාරම මෙහෙයවා ඇති බවටද තොරතුරු අනාවරණ වී තිබේ.

මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකෙරෙයි.

Related posts

රාජ්‍ය ඇමති වසන්ත, ගෝඨාගේ වේදිකාවට ගොඩවෙයි !

colombotoday

නිරෝධායන මධ්‍යස්ථාන පිරී යයි

colombotoday

ඩොලරය උඩ යයි

Admin

ජනපති පුටුවේ අසුන් ගත් සැකකරුවෙක් පොලිසියෙන් අල්ල ගනී

colombotoday

එන්නත් නොගත් අයට බස් ගාස්තු ඩබල්

colombotoday

මහනුවර දිස්ත්‍රික්කයට පොලිස් ඇදිරි නීතිය !!

colombotoday