Colombo Today Local News

මල් මල් ගමනක් ගිය සිරිකොතේ පදයට රඟා, සීඅයිඩියේ දෙබානක් ජාතික ආරක්‍ෂාව විනාශ කළ හැටි…

පසුගිය රජයේ නීතිය හා සාමය ඇමැති ලෙස කටයුතු කරනු ලැබූ රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඉකුත් බදාදා සිරිකොතේදී පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් අපූරු ප‍්‍රකාශයක් කරනු ලැබීය.
 
 අපරාධ පරීක්‍ෂණ දේපාර්තමේන්තුව හෙවත් සීඅයිඞීය අකී‍්‍රය කර විනාශ නොකරන ලෙස තමන් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව රංජිත් මද්දුම බණාඩාර කළ ඒ ප‍්‍රකාශය විය.
 
 එහෙත් රංජිත් මද්දුම බණ්ඩාර කළ යුතුව තිබුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් එවන් ඉල්ලීමක් කිරීමද? අපේ වැටහීම අනුව නම් එය කිසිම වැදගම්මකට නැති වැඩකි.
 
 හරිනම් ඔහු කළ යුතුව තිබුණේ රාජිත සේනාරත්න , සරත් ෆොන්සේකා, පාඨලී චම්පික ඇතුළුව බලයට පැමිණි දා සිට රාජපක්‍ෂ වෛරයෙන් පෙළුණු එක්සත් ජාතික පක්‍ෂයේ කණ්ඩායම්වල සහ එන්ජී ඕ නඩවල කුණු කොන්ත‍්‍රාත් කරන්නට ගොස් මේ මොහොතෙ වනවිට දිට්ඨධම්මවේදයට මුහුණ දී සිටින හිටපු සීඅයිඞී අධ්‍යක්‍ෂ ශානි අබේසේකර සහ සීනියර් ඞීඅයිජී රවි සෙනවිරත්න දෙසට පළමුව හැරීමය.
 
 එසේ හැරී දෙවනුව ඉතිහාස පොතේ එන වීර මද්දුම බණ්ඩාර කතාව සිහියට ගෙන ‘ශානි ඔයා බිය නොවන්න.. කෙළවුණ හැටි මම පෙන්වමි’යැයි පැවසා ශානි අබේසේකර ඇතුළු කල්ලියේ ගුණ ගායනා කිරීමය.
 
 අප එසේ කියන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට අකී‍්‍රය කරන්නට හෝ විනාශ කරන්නට දෙයක් අද සීඅයිඞීයේ ඉතිරිව නැති නිසාය.
 
 සීඅයිඞීය වැනසූ සැබෑ කල්ලිය

පසුගිය යහපාලන සමයේ සීඅයිඞීය මුළුමනින්ම වනසා එය දේශපාලන අසුචි වළක් බවට පත් කරනු ලැබුවේ සිරිකොත දේශපාලනයට අනුව යමින් කොටි ඩයස්පෝරාවේ සහ විජාතික කඳවුරේ කොන්ත‍්‍රත්තුව ඉටු කළ මේ මුග්ධ රැළය.

 පැහැදිලිවම කිවහොත් රටේ ජාතික ආරක්‍ෂාව වනසා දමමින් රට බේරා ගන්නට දිවිහිමියෙන් කැපවූ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂයන් ඇතුළු බුද්ධි අංශ විරුවන් දංගෙඩියට යවන්නට වෙහෙසුණු කුජීත පොලිස්කාරයෝය.

 එය තවදුරටත් පැහැදිලිවම කියන්නේ නම් සීඅයිඞීයේ සීනියර් ඞීඅයිජී රවි සෙනවිරත්න හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර, සහකාර පොලිස් අධිකාරිවරුන් වන තිසේරා, රංජිත් වෙදසිංහ, ලොකුහෙට්ටි, සීඅයිඞී සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපතිව සිටි කුප‍්‍රකට පොලිස් පරීක්‍ෂක ඒඩි‍්‍රයන් නිශාන්ත සිල්වා කන්දප්පා සහ සාජන් මෙන්ඩිස් ඇතුළු කල්ලිය මෙසේ සීඅයිඞීය වනසා දැමුවෝ වූහ.

 එසේ කිරීමේදී මොවුන් තුළ පැහැදිලි අරමුණු දෙකක් විය. ඉන් පළමුවැන්න වූයේ ප‍්‍රභාකරන්ට අවසානය ළඟා කළ ඉකුත් මානුෂීය මෙහෙයුමේ සියලූ යුද රහස් අනාවරණය කර රටේ බුද්ධි අංශවලට පහරදී බෙදුම්වාදයට මාවත විවර කර දෙමින් ජාතික ආරක්‍ෂාව වනසා දමා සියල්ල පාවා දීමය.

 එහිදී මේ පාවා දෙන්නන් පසුපස සිටියේ ඇමරිකාව ප‍්‍රධාන බටහිර කඳවුරට අනුව අපේකමට නිගා දී මල් මල් ගමනක් ගිය සිරිකොත දේශපාලනය සහ මේ රටට එරෙහි විජාතික කඳවුර මෙන්ම කොටි ඩයස්පෝරාවය.

ගෝඨාභය සාධකයක දඩයමට සැරසුණු හැටි..

  දෙවැනි අරමුණ වූයේ එසේ පාවා දීමෙන් විනාශ වන රට ගලවා ගන්නට ජාතිකවාදී කඳවුරේ සිටි පැහැදිලි දේශපාලන නායකත්වය වූ වත්මන් ජනපති ගෝඨාභය රාජපක්‍ෂයන් කෙසේ හෝ දඩයම් කර සිරගත කිරීමය.

 මේ අරමුණු දෙක ජයගැනීමෙන් පසු බටහිර රාජ්‍යයකට ගොස් සිය විශ‍්‍රාම දිවිය සුවසේ ගතකිරීම සීඅයිඞීය වැනසූ මෙකී පාවා දෙන්නන්ගේ බලාපොරොත්තුව විය.

 එහෙත් රටේ ජාතිකවාදී කඳවුර ප‍්‍රාර්ථනා කළ පරිදි සහ මෙකී පාවා දෙන්නන් ඇතුළු පසුගිය එජාපෙ ආණ්ඩුව නොසිතූ පරිදි ඉකුත් ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්‍ෂ මහතා 6900000 ක ජනවරමකින් මේ රටේ විධායක ජනාධිපතිවරයා වීමත් සම`ග සුණු විසුණු වී ගියේ මේ මුග්ධයන්ගේ එකී බලාපොරොත්තුවය.

 ඒ අනුව මේ මොහොත වන විට සීඅයිඞීයේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපතිව සිටිමින් පාවාදීමේ නාටකයේ භිහිසුණු දුෂ්ඨයාගේ චරිතයට පණ දුන් ඒඩි‍්‍රයන් නිශාන්ත් සිල්වා කන්දප්පා සිටිනුයේ සිය දරුපවුලද සම`ග ස්විට්සර්ලන්තයට පලා ගොසිනි.

 නූතන ෂර්ලොක් හොම්ස් යැයි කියැවුණු සීඅයිඞීයේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ලික සහකාර ලෙස ස්ථාන මාරු ලැබ සිටී.

 සීනියර් ඞීඅයිජී රවි සෙනවිරත්න පෙරළුන පිට හොඳයි න්‍යායෙන් පැත්ත මාරු කර ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ වන්දනාවක යෙදෙන්නට සූදානම් වන බවක්ද කියැවෙන්නේ සීඅයිඞීය තුළින්මය.

නිශාන්ත කන්දප්පාගේ පලා යෑම

මෙහිදී තමන්ගේ අතිජාත ගුරුන්නාන්සේ වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසෙකරවත් මෙරට තනිකර දමා දේශපාලන රැකවරණ මත නිශාන්ත සිල්වා කන්දප්පා ස්විට්සර්ලන්තයට පැන යන්නේ පසුගිය කාලයේ එක්නැලිගොඩ, තාජුඞීන්, මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග, නඩරාජා රවිරාජ්, වැලිකඩ කැරැල්ල, උපාලි තෙන්නකොන්ට සහ කීත් නොයාර්ට පහරදීම ආදී ලෙසින් සිද්ධීන් ගණනාවක ප‍්‍රධාන විමර්ශන නිලධාරියාව සිටියදීය.

 එකී විමර්ශන මුවාවෙන් ජාතික ආරක්‍ෂාව විනාශකර කොටි ඩයස්පෝරාවේ කොන්ත‍්‍රාත්තුවට අනුව ඉහළම තැනක තිබූ මෙරට බුද්ධි ජාලය වනසා දමා බුද්ධි අංශ විරුවන් දඩයම් කළ මේ නිශාන්ත සිල්වා කන්දප්පා යනු කවරෙක්ද?

ස්විස් මානව හි.වාදයේ නිරුවත

මෙහිදී මුලින්ම සඳහන් කළ යුතු වන්නේ සුපිරි මානව වාදයක් පිළිබඳ අපට කියා දෙන්නට එන ඇමරිකාව ප‍්‍රධාන විජාතික කඳවුරේ එක් පුරුකක් වන ස්විට්ස්ර්ලන්ත රජය නිශාන්ත සිල්වා කන්දප්පා වැන්නකුට දේශපාලන රැකවරණ දීමෙන් මේ මොහොතේ සිය ඊනියා මානවවාදයෙ නිරුවත ලෝකයටම පෙන්වා දී තිබෙන බවය.

 මන්ද නිශාන්ත සිල්වා කන්දප්පා යනු පොලිස් නිලධාරියකු ලෙස මෙරට මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර තිබෙන බව ශී‍්‍ර ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අවස්ථා දෙකකදීම තීරණය කර ඔහුට ද`ඩුවම් කර ඇති නිසාය.

 එසේම කන්දප්පාට එරෙහිව මිනිස් අයිතිවාසිකම් කඩකළ බවට මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පසුගිය කාලයේ සිදු කළ නඩු විභාග රාශියක්ද ඇත. ඉන් සමහර නඩු පවරන ලද පුද්ගලයන් වන්නේ මෙරට දෙමළ ජාතිකයන් වීමද සුවිශේෂීය.

 එසේ නම් සුපිරි මානවවාදයක් ගැන ලෝකයට බණ කියන කඳවුරේ එක් රාජ්‍යයක් වන ස්විට්සර්ලන්තය මානුෂීය අයිතිවාසිකම් උල්ලංඝණය කෙරූවකු බවට මෙරට ශ්‍රේෂඨාධිකරණය මගින් වරදකරු කළ පුද්ගලයකුට මෙසේ දේශපාලන රැකවරණ ලබා දුන්නේ කුමන පදනමකින්ද?

 පසුගිය කාලයේ ජීනීවා මානව හිමිකම් කවුන්සලයේදී ශී‍්‍ර ලංකාවට එරෙහිව චෝදනා එල්ල වීමේදී සීඅයිඞීයට ද චෝදනා එල්ල විය. මෙරට තුළ යුද්ධය නිමා වීමෙන් පසුවද එය දිගින් දිගටම සිදුවූවකි. මෙහිදී සීඅයිඞීයේ ප‍්‍රධාන විමර්ශකයකු වී සිටියේ නිශාන්ත සිල්වා කන්දප්පාය.

 එවන් තත්ත්වයක් තිබියදීත් ඔහුට දේශපාලන රැකවරණ දීමට ස්විට්සර්ලන්තය කටයුතු කරනු ලැබුවේ මේ රටට එරෙහි විජාතික කඳවුරේ කොන්ත‍්‍රාත්තුව නිශාන්ත සිල්වා කන්දප්පා විසින් අකුරට ඉටු කිරීම නිසාද?

 එසේත් නැතිනම් මෙතෙක් සිදු කළ කාලකණ්ණි පාවාදීම් තුළින් නිශාන්ත සිල්වා කන්දප්පා හම්බ කළ බව කියන කොටි ඩයස්පෝරාවේ ඩොලර් ස්විස් ගිනුම්වල තිබෙන නිසා ස්විට්සර්ලන්තය ඔහුට රැකවරණ දුන්නේද? කෙසේ වෙතත් මේ වන විට නිශාන්ත සිල්වාට ස්විට්සර්ලන්තයේදී සුරසැප ලබාදෙන්නට එරට රජය කටයුතු කර ඇති බවද දැනගැනීමට ඇත.

කන්දප්පාගේ අපරාධ ලැයිස්තුව

 මේ නිශාන්ත සිල්වා කන්දප්පා යනු සීඅයිඞීයේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපතිව සිටියදී පසුගිය කාලයේ මිනීමැරුම් චෝදනාවකටද ලක්වූ අයකු විය.

 එම චෝදනාව ඔහුට එල්ල වී තිබුණේ උඩවලව ප‍්‍රදේශයේදී ආමි සුරංග නමැති පාතාල සාමාජිකයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් හේතුවනි.

 මෙහිදී කන්දප්පා විසින් මරා දැමූ ආමි සුරංග යනු මීට කලකට ඉහත පාතාලයේ ප‍්‍රබලයකුව සිටියදී ඝාතනයට ලක්වූ වම්බොට්ටාගේ සගයකු විය. වම්බොට්ටා සහ සූරියවැව රත්නවීර කණ්ඩායම අතර එකල දරුණු ගැටුමක් ඇවිලී යමින් තිබිණි. රත්නවීර කණ්ඩායමේ දේශපාලනය තිබුණේ එජාප කඳවුරේය.

 මේ අතරේ රත්නවීර කණ්ඩායමේ සුනිල් රත්නවීර නමැත්තා වෙඩි තැබීමකින් ඝාතනයට ලක්වූ විය. ඒ ඝාතනය සම්බන්ධයෙන් ආමි සුරංගට චෝදනා එල්ල වී තිබුණු අතර උඩවලව ප‍්‍රදේශයේදී සීඅයිඞී කෙරුමා වී සිටි නිශාන්ත සිල්වා කන්දප්පාගේ වෙඩි පහරකින් ආමි සුරංග පරලොව යන්නේ මේ වටපිටාව තුළය.

 එම ඝාතනය සම්බන්ධයෙන් පසුව නිශාන්ත සිල්වා කන්දප්පා ඇතුළු පොලිස් කණ්ඩායමකට චෝදනා එල්ල වී රත්නපුර මහෙස්ත‍්‍රාත් අධිකරණයේදී බී. 628 යටතේ එම නඩුවක් විභාග වෙමින් තිබිණි.

 යහපාලනය පැමිණීමත් සම`ග බුද්ධි අංශ දඩයමේ මහ මොළය ලෙස කි‍්‍රයාත්මක වූ ශානි අබේසේකර විසින් පසුගිය කාලයේ ආමි සුරංග ඝාතනය ආත්මාරක්‍ෂාව හෙතුවෙන් සිදුවූවක් බවට ඒත්තු ගැන්වීම නිසා මේ වන විට එම නඩු ගොනුව නීතිපති දෙපාර්තමේන්තුවේ ලේඛණාගාරයේ තැන්පත් කර තිබෙන බවද සීඅයිඞීයේම පිරිස් පවසන්නාහ.

 මේ සටහන් කෙරුණේ නිශාන්ත සිල්වා කන්දප්පා විසින් බුද්ධි අංශ දඩයම් කරමින් පසුගිය කාලයේ සිදු කළ අපරාධවලින් ඔබ්බට ගිය කතා පෙළෙන් බිඳකි. ඒ අතරින් භාරත ලක්‍ෂමන් ඝතන නඩුවේදී සැකකරුවකු ලෙස නම් කෙරුණු ගලබඩගේ අතුරුදන් වීමද ඉහළින්ම ඇත.

ගලබඩ අතුරැදන් කළ හැටි

 භාරත ඝාතනය පිළිබඳ විමර්ශන කළ ශානි අබේසේකර, නිශාන්ත කන්දප්පා ඇතුළු සීඅයිඞී කණ්ඩායමේ ප‍්‍රධාන උත්සාහය වී තිබුණේ ගලබඩ රජයේ සාක්‍ෂිකරුවකු කරගෙන ශානි අබේසේකරට සුපරුදු න්‍යායෙන් විත්තිකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු කර පෙන්වීමටය. ගලබඩ මුලින් එයට කැමැති විය.

 එහෙත් පසුව ඔහු රජයේ සාකක්‍ෂිකරුවකු ලෙස බොරු කිව නොහැකියැයි පවසමින් එය ප‍්‍රතික්‍ෂේප කළේය. එසේ සිටියදී දිනක් නිශාන්ත සිල්වාගෙන් ලැබුණු දුරකථන ඇමතුමකට අනුව නිවසින් පිටව ගිය ගලබඩ අද දක්වා යළි නිවසට නොපැමිණි බව මේ මොහොතේත් ඒ පිළිබඳ තතු දන්නා අය කියන කතාව වී ඇත.

 ගලබඩ මෙසේ අතුරුදන්ව සිටියදී සීඅයිඞීය ඔහුවද භාරත ඝාතන සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කිරීම නිසා පසුගිය කාලයේ ගලබඩ නොමැතිව එම නඩු විභාගය පැවත්වුණු අතර අවසානයේ ගලබඩටද ද`ඩුවම් නියම විය. එහෙත් අදටත් අධිකරණයෙන් ද`ඩුවම් කර සිටින ගලබඩ සොයා ගැනීමට සීඅයිඞීයට නොහැකිව ඇත.

 එසේ වී තිබේනේ නිශාන්ත සිල්වා කන්දප්පා ඇතැමුන් කියන අන්දමට ඇත්තටම ගලබඩට දුරකථන ඇමතුමක් දී නිවසින් පිටතට ගෙන්වාගෙන පැහැරගෙන ගොස් ඝාතනය කර අතුරුදන් කළ නිසාද?

සාක්‍ෂි නිර්මාණ කිරීමේ කුමන්ත‍්‍රණය

සමූහ මංකොල්ල අංශයේ ස්ථානාධිපති ලෙස ර`ගමින් නිශාන්ත සිල්වා කන්දප්පා පසුගිය කාලයේ ඞීඅයිජී රවි සෙනවිරත්න සහ ශානි අබේසේකරගේ උපදෙස් මත බුද්ධි අංශ රණවිරුවන්ට විරුද්ධව අසත්‍ය සාක්‍ෂි නිර්මාණය කිරීමට ගත් උත්සාහයන්ද රාශියක් විය.

 වැල්ලවත්තේදී තරුණයන් පස්දෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස්දෙනකු පැහැරගත්තේ යැයි කියමින් කීර්තිමත් නාවික හමුදාපතිවරයකු මෙන්ම මෙරට ඉහළම නාවික හමුදා නිලයෙන් පිදුම් ලද වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු නාවික හමුදා බුද්ධි නිලධාරීන්ට පිරිසකට එරෙහිව කොටුව මහ්ස්ත‍්‍රාත් අධිකරණයේදී කළ කුමන්ත‍්‍රණය මෙහිදී උදාහරණයක් ලෙස පෙනවා දිය හැකිය.

 මෙම සිද්ධියේදී නාවික හමුදා ඔත්තුකරුවකු වූ විජකාන්තන් නමැත්තා සොයාගත් නිශාන්ත සිල්වා කන්දප්පා ඇතුළු විමර්ශකයන් විජයකාන්තන් හරහා නාවික බුද්ධි නිලධාරීන්ට එරෙහිව බොරු සාක්‍ෂියක් නිර්මාණය කිරීමට උත්සාහ ගත් බව අවසානයේ කොටුව මහෙස්ත‍්‍රාත් අධිකරණයේදීම අනාවරණය විය. එසේ වුවද අසීමිත දේශපාලන බලය හමුවේ එහිදී ද කන්දප්පලාට සිදුවූ අවැඩක් නම් නොවීය. ඔවුහු සුපුරුදු ලෙස දඩයමේ ගියහ.

දණ්ඩනීති සංග‍්‍රහයෙන් එල්ල කළ ප‍්‍රහාරය

 පසුගිය කාලයේ සීනියර් ඞීඅයිජී රවි සෙනවිරත්න සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ උපදෙස් මත නිශාන්ත සිල්වා කන්දප්පා මෙහෙයවූ සෑම විමර්ශනයකදීම සිදු වූයේ දණ්ඩ නීති සංග‍්‍රහයේ වගන්ති ගෙන නින්දිත ලෙස මෙරට බුද්ධි අංශ දඩයම් කිරීමය.

 සියල්ලේ අවසන් ඉලක්කයවී තිබුණේ කෙසේ හෝ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගෙන සිරගත කිරීමෙන් ජාතිකවාදී කඳවුරේ බලාපොරොත්තු සුන් කර දමා මේ රට විජාතික කොලනියක් බවට පත් කිරීම විය.

 නිශාන්ත සිල්වා කන්දප්පාට ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ කොන්ත‍්‍රාත්තුව ඉටු කිරීම වෙනුවෙන් කඩිනම් උසස්වීමක් ලබාදීමට සීඅයිඞී ලොක්කන් සූදානමින් සිටි බවක්ද මේ වන විට අනාවරණය වන්නකි. ඉන් පෙනී යන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂයන්ට පසුගිය කාලයේ සීඅයිඞීයෙන් එල්ලවූ තර්ජනයේ තරමය.

 මෙකී පාවා දීම් සහ අපත වැඩ මෙන්ම රටට ජාතියට වින කරන කුමන්ත‍්‍රණකාරී සිද්ධීන් අනාවරණය කරන කල්හි පසුගිය කාලයේ රටේ ජනාධ්‍යවේදීන් අනතුරට දමන්නට රවි සෙනවිරත්න, ශානි අබේසේකර සහ නිශාන්ත කන්දප්පා කල්ලිය කළ කුජීත වැඩද බොහෝ විය.

රාජ්‍ය රහස් හෙළි කිරීම

 රවි සෙනවිරත්න, ශානි අබේසේකර ඇතුළු කල්ලිය මෙසේ කි‍්‍රයාත්මක වීමේදී පසුගිය කාලයේ ලෝකයට අනාවරණය වූ රාජ්‍ය රහස් සහ විශේෂයෙන් ඉකුත් මානුෂීය මෙහෙයුමට අදාළ වූ ඉතා සංවේදී යුද රහස් බොහෝය. ඒ අනුව බලන කල මෙරට බලාත්මක රාජ්‍ය රහස් පනත අනුව අත්අඩංගුවට ගත් මේ පාවා දුන්නෝ් දැනටමත් සිරගතව සිටිය යුතු වන්නාහ.

 කෙසේ වෙතත් අද නිශාන්ත සිල්වා කන්දප්පා ස්විට්සර්ලන්තයට පලා ගොස් සිටින්නේ ගෝඨාභයගමනයෙන් සිය අරමුණු සියල්ල සුන්නද්ධුලි වීම හමුවේය. එහෙත් මෙසේ යථාර්ථය මතුවෙමින් සියලූ දේ හෙළිවෙද්දී මෙරට ස්විස්ට්සර්ලන්ත තානාපති කාර්යාලය තුළින් දැන් අලූත්ම කතාවක් ඇසෙමින් ඇත.

ස්විස් තානාපති කාර්යාලයේ අලූත් කතාව

 ඒ කිසියම් පිරිසක් ස්විස් තානාපති කාර්යාලයේ සේවය කළ මෙරට නිලධාරිනියක පැහැරගෙන ගොස් නිශාන්ත සිල්වා කන්දප්පාට ස්විස් වීසා ලබා දුන්නේ කෙසේ දැයි ප‍්‍රශ්න කර තිබේ යැයි යන්නය.

 ස්විස් තානාපති කාර්යාලය මෙවන් කතාවක් කියමින් රාජ්‍ය තාන්ති‍්‍රක මට්ටමින්ශී‍්‍ර ලංකා විදේශ අමාත්‍යංශයට දැනුම් දුන් නිසා මේ වන විට සීඅයිඞී ඒඑස්පී ලොකුහෙට්ටි ඇතුළු පිරිසක් ඒ පිළිබඳ විමර්ශනයක්ද අරඹා ඇත.

 එහෙත් පැහැරගත් නිලධාරිනියගේ තොරතුරු කිසිවක් හෙළි කිරීමට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය මේ දක්වා කටයුතු කර නැත. මේ අතර පැහැර ගැනීම සිදුවූවේ යැයි කියන ප‍්‍රදේශය ආශි‍්‍රතව ඇති සීසීටීවී කැමරා සියල්ල නිරීක්‍ෂණය කළද කිසිවක් අනාවරණය කර ගැනීමටද පොලිසියට නොහැකි වී ඇත.

 තත්ත්වය එසේ වෙද්දී මේ මොහොතේත් සීඅයිඞීයේ සිටින ශානි අබේසේකරගේ ගෝලයේ එවන් සිදුවීමක් සිදුව තිබෙන බවට වාර්තාවක් නිකුත් කිරීමට සැරසෙන බව සීඅයිඞීයේ වැදගත් නිලධාරීහු පවසන්නාහ.

 රටම අවදානමට ඇද දමමින් කි‍්‍රයාත්මක වූ නිශාන්ත සිල්වා කන්දප්පා අද සිදු කළ කුමන්ත‍්‍රණ හමුවේ අද උන්හිටිතැන් අතහැර පලා ගොස් තිබියදීත් තවදුරටත් සිදුවන්නේ මෙවන් දේ නම් ඉතිරිව සිටින සීඅයිඞී අපත රැළ දැන්වත් කඩිනමින් අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට ගෙන එන්නට ආණ්ඩුව කටයුතු කළ යුතුය.

 තවමත් ආණ්ඩුවට එය කළ නොහැකිව ඇත්තේ කුමක් නිසාද? මේ මොහොතේ රටට ආදරය කරන ජනතාවට ඇති බරපතළ ප‍්‍රශ්නයක් බවට එය පත්ව ඇත. සැමට නීතිය එක සමාන යැයි කී ජනපති ගෝඨාභය රාජපක්‍ෂයන්ගේ සංකල්පයට අනුව ආණ්ඩුව ඒ ජනතා ප‍්‍රශ්නයට පිළිතුරක් ලබා දී පසුගිය කාලයේ රට වැනසූ මේ සීඅයිඞී කල්ලියට නීතිය කි‍්‍රයාත්මක කරන්නේ කවදාද?

සමන් ගමගේ Divaina

Related posts

විදෙස් ගතව සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

colombotoday

විජිතමුණි සොයිසාට අලුත් අවුරුද්දට අප්පච්චිගෙන් සුබ පැතුම්

colombotoday

මට රට දුන්නේ මහින්දට බැරි හින්දයි, ක්‍රිකට් මැච් දින්නෙත් යහපාලනය නිසයි – අගමැති

colombotoday

බැදුම්කර චූදිත අගමැතිට ‘ජාතිය අමතන්න‘ සදාචාරාත්මක අයිතියක් නෑ.. සිරස අගමැතිගේ ප්‍රකාශය පතුරු අරී

colombotoday

කොරෝනා මැද්දේ අසුනට රණ්ඩු කළ ලාංකික මගීයාව සෞදියේදී ගුවන් යානයෙන් බස්සවයි

colombotoday

කෘෂිකර්ම අමාත්‍යාංශයේ මොළය ජීවානුහරණය කරගත් නිලධාරීන් චීන කක්කුසියේ රස බලන්න තවත් රසායනාගාර පරීක්ෂණ කරනවා

colombotoday