Colombo Today Local News

මව් බිමේ ස්ථාවරත්වයට කිසිවකුටත් බලපෑම් කරන්න දෙන්නේ නැහැ – ජනපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ

මව්බිමේ ස්ථාවරත්වයට කිසිවෙකුටත් බලපෑම් කිරීමට තමන් ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගණයේදී ඊයේ (11) පැවැත්වු පොදුජන පෙරමුණු මහ සම්මේලනයේදී රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය.
අනාගත දේශපාලනයේ විප්ලවීය වෙනසක් සිදු කිරීමට ලැබුණු අවස්ථාව වගකීමෙන් හා නිහතමානීව බාරගන්නා බව ද ඔහු සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේද අදහස් දැක්වීය.

‘අද ශ්‍රී ලංකා දේශපාලනයේ තීරණාත්මක සන්ධිස්ථානයක්. මේ පත් කිරීම මම ගෞරවයෙන් හා නිහතමානීව බාර ගන්නවා. අනගාත දේශපාලනයේ විප්ලවීය වෙනසක් කරන්න බාර දුන් වගකීම යුග මෙහෙවරක් ලෙස දකිනවා. මගේ රාජකාරීයේ දී මා සාර්ථකව වගකීමෙන් ඉටුකළා. සීමාවන්ට කොටු නොවී සම්මතයෙන් ඔබ්බට ගොස් ඒ වගකීම ඉටු කළා. අනාගතයේද ඒ සියලු ජනතාව වෙනුවෙන් නොපැකිළ සිදු කරනවා.

රටතුළ පූර්ණ ආරක්ෂාව සැපයීම මාගේ මූලික අරමුණයි. රටේත් දූදරුවන්ගෙත් ආරක්ෂාව මම බාර ගන්නවා. ආගම්වලට ගරු කරමින් සංස්කෘතියට ගරු කරමින් ජීවත් වුණ ජාතියක් අපි. අපේ ශක්තිය එයයි. සියලු දෙනාට එකට ජීවත් විය හැකි රටක් නිර්මාණය කරන බවට මම සහතික වෙනවා. අන්තවාදයට ත්‍රස්තවාදයට ඉඩ තබන්නේ නැහැ‘ යැයිද ඒ මහතා ප්‍රකාශ කළේය.

ලංකා ඉතිහාසයේ නව ගමනක් ලෙස ඇරැඹු මෙම දේශපාලන ගමනේදී සමස්ථ මැතිවරණ ව්‍යාපාරය නීතිගරුක සදාචාර මැතිවරණ ව්‍යාපාරයක් ලෙස පැවැත්වීමට කටයුතු කරන මෙන් පාක්ෂිකයින්ගෙන් ඉල්ලීමක්ද කළේය.

එමෙන්ම පොලිතීන්,ප්ලාස්ටික් භාවිත නොකර මැතිවරණ ව්‍යාපාරය කළ යුතු බවත් අනික් පක්ෂවලට ආදර්ශයක් විය යුතුයැයිද සිය පාක්ෂිකයින් හමුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා සිය කතාව අවසානයේදී ප්‍රකාශ කළේය.

Related posts

උද්ඝෝෂකයෝ වලපනේ ප්‍රාදේශිය සභාවේ සභාපතිට හූ කියා පන්නා දමති.

colombotoday

ඉන්දීය ප්‍රදානයක් යටතේ සමුද්‍රීය මුදා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය

colombotoday

විධායක ජනපති ධුරය අහෝසි කිරීම – සහය ඕනනම් මහින්දගෙන් අනුරට කොන්දේසියක්

colombotoday

විග්නේෂ්වරන් උතුරේ ස්වයංපාලනය ඉල්ලද්දී, ලෝකය දිනා ජනපති මෛත්‍රී කටුනායකින් බහී !

colombotoday

කුඩු ජාවාරම්කරු මොහොමඩ් සිද්ධික් ඇතුළු 5 දෙනෙක් නිදොස් කොට නිදහස්

colombotoday

ව්‍යාපාරිකයකුගෙන් තර්ජනය කර කප්පම් ඉල්ලු පාතාලයයෙක් අත්අඩංගුවට

Admin