Colombo Today Local News

මහමැතිවරණයේදි නව රජයට තුනෙන් ‌දෙකක බලයක් දිමට ශ්‍රීලනිප ක්‍රියා කළයුතුයි – හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන කියයි

ඉදිරි මහ මැතිවරණයෙන් නව රජයට තුනෙන් දෙකක බලයක් ලබා දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැපවී ක්‍රියා කල යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා  මේ බව පැවසුවේ ඊයේ  (11) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී පැවති ආසන සංවිධායකවරුන්ගේ ප්‍රගති සමාලෝචන හමුවේදිය.

එහිදි  පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා  ප්‍රකාශ කළේ  නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  හට ඉදිරියේදි රට සංවර්ධනය කිරිමටත්, සෞභාග්‍යමත් රටක් ගොඩනැගිමටත් ඉදිරි මහ මැතිවරණයෙන් පත්වන නව ආණ්ඩුවට ශක්තිමත් තුනෙන් දෙකක බලයක් තිබිය යුතු බවත් එම තුනෙන් දෙකක බලයක් සහිත නව ආණ්ඩුවක් නිර්මාණය කිරිම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මහ මැතිවරණයේදි කැපවී ක්‍රීයා කල යුතු බවත්ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ද එහිදි  පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව විවිධ අදහස් ප්‍රකාශ කළේය. 

Related posts

අරක්කු බෝතලේ ස්ටිකරයත් හොරට ගහන රටේ බිත්තර වල ප්‍රමිතිය ගැන සහතිකයක් දෙන්නේ කොහොමද?

Admin

ජනපතිවරණයට දින 55 යි. ගැසට් නිවේදනය මෙම මස අගදී

colombotoday

ඥානසාර හිමිගේ ජන්ම දිනය සැමරූ හැටි

colombotoday

නවයකන්ට අමානුෂික ලෙස පහර දුන් යාපනේ සරසවි සිසුන් 7කගේ පන්ති තහනම්

colombotoday

භාරත ඝාතන නඩුව තීන්දුයි.. දුමින්ද සිල්වා ඇතුළු පහකට මරණ දඩුවම

colombotoday

නව වසර සමරන්න වරාය කෝටි 3 ක් වැයකරලා

colombotoday