Colombo Today Local News

මහින්දගේ විද්වත් සභාවේ “සිංහලේ” ඇවිලෙයි… බොදු බලේ දිලන්තට කුණු බැණුම්

sinhaleශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහින්ද පාර්ශවයේ විද්වත් සභාව අද රැස් වී ඇති අතර සියල්ල අභිබවමින් ජනප්‍රියවන “සිංහලේ” සංකල්පය පිළිබදව එහිදී කතාබහක් ඇති වී ඇත. එහිදී විද්වත් සභාවේ මහාචාර්යවරු කිහිප දෙනෙකු බොදු බල සේනා සංවිධානය ගැන දක්වමින් දැඩි විවේචනයක් එල්ල කර ඇති අතර ඇතිවී තිබෙන තත්ත්වය මත මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය පහල යමින් ‘සිංහලේ’ ඉස්මතු වීම ඉදිරි මැතිවරණවලදී මහින්ද පාර්ශවයට අහිතකර ලෙස බලපාන බවද ඔවුන් පෙන්වා දී ඇත.

මෙම සාකච්ඡාව අතරතුරු බොදු බල සේනා ප්‍රධාන විධායක නිලධාරී දිලන්ත විතානගේ මහතාව දැඩිව විවේචනයට ලක් වී ඇති අතර ඔහු නෝර්වේ කුමන්ත්‍රණකරුවෙක ලෙස හැදින්වූ පිරිස “සිංහලේ” සංකල්පය පිටුපසද සිටින්නේ ඔහු බව සදහන් කළා. ඒ අනුව “සිංහලේ” සංකල්පයට විරුද්ධව ඉදිරියේදී කටයුතු කිරීමට සහ සමාජජාලා වෙබ් අඩවි යොදාගෙන ඊට විරුද්ධ මතයක් සමාජගත කිරීමට පිරිස කතිකා කරගත් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

 

Related posts

ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

colombotoday

අධිවේගී මගීන් ප්‍රවාහන බස් ගාස්තු 10%කින් පහළට

Admin

විදේශගත ලාංකිකයින්ගේ කටයුතු වෙනුවෙන් විශේෂ කාර්යාලයක්

Admin

නිරෝධායන නීති කැඩු ආගරපතන සභාපතිගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවයි

colombotoday

පොලිස්පතිට ස්කොට්ලන්යාඩ් පුහුණුවක්

colombotoday

රනිල්ට සිතාසි

colombotoday