Colombo Today Local News

මහින්ද මේ කුණු ගොඩ බාර නොගෙන ඉන්නයි තිබුණෙ…

මහින්ද රාජපක්ෂ මහතාට මාස කිහිපයකින් පසුව නිරායාසයෙන්ම රටේ පාලන බලය හිමි වෙනවා. මේ කුණු කන්ද බාර නොගෙන ඉන්න තිබුණා. දැන් මේ ලබාගත් ධූරය එතුමාට මොන තරම් කරදරයක්ද? මේ දිනවල පාර්ලිමේන්තුවේ චණ්ඩියකුත් නිර්මාණය වෙලා.රටේ පාලන බලය නිරායාසයෙන්ම තමන්ට හිමිවන බව දැන දැනත් රට ආරක්ෂා කිරීමේ වගකීමෙන් යුක්තව මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධූරය ලබාගත් බව ආණ්ඩු පක්ෂයේ සංවිධායක මහා මාර්ග අමාත්‍ය එස් බී දිසානායක මහතා පැවසීය.

මහනුවර සිට තලාතුඔය දක්වා වූ කිලෝමීටර් නමයක දුරින් යුතු මාර්ගය පුළුල් කොට කාපට් යොදා සංවර්ධනය කිරිමේ සමාරම්භක උත්සවය අවස්ථාවේදි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මේ රටේ දේපළ ටික බේරගන්න, කඩා වැටෙන ආර්ථිකයෙන් රට ගොඩ ගන්න, මෙරට පෙඩරල් රාජ්‍යයක් වීම වළක්වා ගන්න, උතුරු නැගෙනහිර එක් කිරීම වළක්වන්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කළ යුතුව තිබුණේ එකම එක දෙයයි. රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත් කොට ඒ වෙනුවට ජනතාව ඉල්ලා සිටින ශක්තිමත් නායකයෙක් අග්‍රාමාත්‍යධූරයට ලබා දිය යුතුව තිබුණ බැවින් ඒ දුෂ්කර කාර්යය භාරය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කළ බවද ඒ මහතා පවසා සිටියේය.

Related posts

දකුණෙත් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි

Admin

නීතියට වැඩ කරන්න ගිය රජයේ නිලධාරියෙකුට මන්ත්‍රී නවීන් තග දමයි… සරම උස්සාගෙන බැණ වදී !

colombotoday

“රටේම විදුලි දෝශ හදන්න තව මාස තුනක්වත් යයි” විදුලි උප ඇමති

colombotoday

නේමිගේ වැවේ ගිලී පාසල් සිසුවෙක් මරුට

Admin

නොරොච්චෝල බලාගාර සේවයකු මහුදට වැටි අතුරුදන්

colombotoday

කොම්පඤ්ඤවීදිය මුස්ලිම් පල්ලියක තිබී කඩු තොගයක් සමග හමුදා ඇඳුම් හසුවෙයි…

colombotoday