Colombo Today Local NewsCovid 19Top Stories

මහියංගනයේදී නිරෝධායනය ප‍්‍රතික්ෂේප කළ අයකුට අධිකරණ ක්‍රියාමාර්ග

ස්වයං නිරෝධායනය කි‍්‍රයාවලියට ලක් වීමට ලබාදුන් උපදෙස් ප‍්‍රතික්ෂේප කර රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරියට බාධා  කළැයි කියන මහියංගන ප‍්‍රදේශයේ නවාතැන්ගෙන සිටි පුද්ගලයකු සම්බන්ධයෙන් මහියංගන අධිකරණයට කරුණු වාර්තා කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරයි.

එසේම, මෙම පුද්ගලයා දින 14ක නිරෝධායනයෙන් පසු මහියංගන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ද නියමිතව ඇතැයි ද එම කොට්ඨාසය වැඩිදුරටත් පවසයි.

මෙම පුද්ගලයා ස්වයං නිරෝධායන කි‍්‍රයාවලියට විරුද්ධව කටයුතු කිරීමෙන් 1987 අංක 03 දරන රෝග නිරෝධායන හා වැළැක්වීමේ ආඥා පනතේ 02 සහ 03 වගන්ති සහ නිරෝධායන රෙගුලාසි කඩ කිරිම හා ලංකා දණ්ඩ නිති සංග‍්‍රහයේ 262, 263, හා 264 වගන්ති ප‍්‍රකාරව දඩුවම් ලැබිය හැකි වැරදි සිදුකර ඇතැයි ද පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

රත්මලාන රජමාවත ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ඉකුත් 20 වැනිදා මහියංගන සෙනෙවිපුර ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකුගේ නිවසට ගොස් සිටියදී හදීසියේ ඇතිවූ උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් මහියංගන මූලික රෝහලට ඇතුළත් කර ඇති බවත්, පසුව ඉකුත් 21 වැනිදා ප‍්‍රතිකාර ලබා ගැනීමෙන් පසු පැමිණ තිබූ අතර, මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරිවරයා පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සමග එම පුද්ගලයා පරීක්ෂා කිරීමට එම නිවසට ගොස් ඇති බවත් පොලීසිය සදහන් කරයි.

එහිදී එම පුද්ගලයා ස්වයං නිරෝධායන කි‍්‍රයාවලියට විරුද්ධව කටයුතු කර ඇතැයි ද සදහන් වෙයි.

Related posts

කොරෝනා ආසාදිතයින් තිදෙනෙක්

colombotoday

පාරිභෝගිකයින්ට විදුලි බිල ගෙවන්නැයි දැනුම්දීමක්

colombotoday

සුවිශේෂී බළකාය ගෙන ඒමට ජනපති තීරණය කරයි

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් අනතුරේ වන්දි ඩොලර් වලින් ලබා ගන්න කැබිනට් අනුමැතිය

Admin

මාන්කුලම් සංවර්ධනයට වන රක්ෂිත අක්කර 7200ක් වනසයි !!

colombotoday

පදවිය වැවෙන් ජලය හොරකම් කළ තිදෙනෙක් රිමාන්ඩ්

Admin