Colombo Today Local News

මහ මැතිවරණය අගෝස්තු මසට

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් අද (03) පැවැත්වේ. බොහෝ දුරට මෙම සාකච්ඡාවේදී මැතිවරණය පැවැත්වෙන දිනය තීරණය කරනු ඇති බවටයි වාර්තා පළ වේ. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (02) දිනයේ දෙනු ලැබූ තීරණය සහ ඒ අනුව ඉදිරියේදී ගතයුතු කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය පෙරේදා ප‍්‍රකාශ කළේ දින 60 ත් 70 ත් අතර කාලයක් තුළ මැතිවරණය පැවැත්වීමට හැකිවනු ඇති බවයි. ඒ, වෙනදාට වඩා වැඩි කාර්ය මණ්ඩලයක් මැතිවරණය සදහා යොමු කිරීමට සිදුවීම හා ඊට සැලසුම් සකස් කිරීමට අවශ්‍යවීම හේතුවෙනි.

මැතිවරණය පැවැත්වීම සදහා සෞඛ්‍ය බලධාරීන්ගෙන් අදාළ නිර්ණායක ලබා ගන්නා බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සදහන් කළේ. කෙසේවෙතත් මැතිවරණය තවදුරටත් කල් දැමීමට කිසිදු සූදානමක් නොමැති බවත් කඩිනමින් මැතිවරණය පැවැත්වීමට සූදානම් බවත් ඔහු අවධාරණය කළා.

නීතිවේදීන් පවසන්නේ ඊයේ ලැබුණු නඩු තීන්දුවත් සමග මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට පැවති බාධා ඉවත් වූ බවයි. ඒ අනුව දැන් සිදුකළ යුත්තේ වහාම මැතිවරණය පැවැත්වීම බව ජනාධිපති නීතිඥ අලි සබ්රිද සදහන් කළා.

දේශපාලන විචාරකයින් පවසන්නේ පවතින තත්ත්වය මත මහ මැතිවරණය අගෝස්තු මාසයට කල් යනු ඇති බවයි. පවතින තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය උපදෙස් මත මැතිවරණ මෙහෙයුම සකස් කිරීමට සැලකිය යුතු කාලයක් අවශ්‍ය වනු ඇති බවටද ඔවුන් විශ්වාසය පළ කරයි.

Related posts

නීති විරෝධිව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ධීවරයින් 12ක් අත්අඩංගුවේ

Admin

මහින්දගේ ආගමනය දෙමළ ජනතාවට තර්ජනයක් යැයි ඉන්දියාවේ ඩී.එම්.කේ පක්ෂයෙන් නිවේදනයක්

colombotoday

දෙමළ සන්ධානය විදෙස් තානාපතිවරුන්ට ගතු කියයි… වහා මැදිහත් වන්නැයි ඉල්ලයි…

colombotoday

හිටපු සේනාධිනායකයා ඇතුළු දේශපාලකයන් නීතිය හමුවට ගෙන ආ යුතුයි

colombotoday

ලංකාවේ ඇඹුල් කෙසෙල් අපනයනය හෙට සිට

Admin

බ්‍රිතාන්‍යයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයෙක් මරුට

colombotoday