Uncategorized

“මහ රජාව ජනෙල් පඩියේ එල්ලුවා වගේ තෝව පොළොන්නරුවේ වෙලේ හිටවනවා”

ජනපති මන්දිරය වටලන බවත් පිට කොටුවේ සත්‍යග්‍රහයක් ආරම්භ කරන බවත් දඹර අමිල නමැති භික්ෂූ වේශධාරීයා පවසති.

එක්සත් ජාතික පක්ෂ ජන රැළිය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඔහු මෙසේ ද අදහස් දැක්විය.

“ගැසට් සිරිසේනට කියනවා. අපි මන්දිරය වටලනවා. ජනපති මන්දිරය වටලවා. අපි දෙන්නේ තව පැය කිහිපයයි. ශ්‍රේෂ්ඨාධිකරණය, පාර්ලිමේන්තුව තීරණය දුන්නා. අද ජනතාව තීන්දුව දුන්නා. මහ රජාව මැදමුලන ජනේලයේ එල්ලූ ආකාරයට පොලොන්නරුවේ සිරිසේන පොලොන්නරුවෙ වෙලේ සිටවනවා. ඩොලරය නගිනවා. ආධාර නැතිවෙලා. රජයේ සේවකයන් පඩි ගෙවන්න විදිහක් නැතිව ඉන්නවා. රට ඔසවා තබන්න දුන්නේ. අද පිස්සු කෙළිනවා. අප්පුවාට රජකම ලැබුණා වගේ කටයුතු කරනවා. අපේ හයියෙන් ඔතනට ආවේ.එක මිටට තියලා තූත්තිකුඩියට පන්නමු, පර සක්කවල ගහමු. තව පැය කිහිපයයි දෙන්නේ පිට කොටුවේ මාරාන්තික සත්‍යග්‍රහයක් පවත්වනවා. පොළීමේ ඇවිත් මරණ හැටි පෙන්වනවා. අපි පටන් ගන්න සත්‍යග්‍රහය මාරාන්තික උපවාසයක් දක්වා යනවා.”

Related posts

ඉහළ ආහාර උද්ධමනයක් සහිත රටවල් ඇතුළත් දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉවතට

Admin

උතුරේ ඡන්ද වර්ජණය කිරීමේ සූදානමක් !

colombotoday

ආණ්ඩුවේ ප්‍රතිපත්තිය හොරා කෑම, ණයට කෑම සහ විකුණාගෙන කෑමයි

colombotoday

ආයුර්වේද වෛද්‍ය ක්‍රම පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීමට සැලසුම්..

colombotoday

ජායිෂ් ඊ මොහොමඩ් ත්‍රස්ත ප්‍රහාරයක්… ඉන්දීය හමුදාවේ 40ක් මරුදකී…

colombotoday

IPL ගහන්න ආ නවසීලන්ත ක්‍රීඩකකුට කොරෝනා.

colombotoday