Colombo Today Local News

මාකදුරේ මදූෂ් හෙරොයින් සමග කොටුවූ අවස්ථාව… ඩුබායි හිටියොත් මරණ දඩුවම… ලංකාවට ගෙනාවොත් ඇප?

ප්‍රබල පාතාල නායක මාකදුරේ මදූෂ් නමැත්තා සමග විසි දෙනෙකු ඩුබායිහීදි එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අද අළුයම හෝටලයක රැදී සිටියදී අත්අඩංගුවට පත්වූ මොවුන් සන්තකව තිබී කොකේන් නමැති මත්ද්‍රව්‍ය තොගයක්ද සොයාගෙන ඇත.

අත්අඩංගුවට පත්වූවන් අතර ජනප්‍රිය ගායක අමල් පෙරේරාද සිටිනු ඡායාරූපවල දැකගත හැකිය.

කෙසේ වෙතත් බරපතල අපරාධ රැසකට සම්බන්ධ මාකදුරේ මදූෂ් නමැත්තා වහාම මෙරටට ගෙන ඒමට කටයුතු කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාල අංශවලට දන්වා ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි.

ඩුබායි නීතිය අනුව මත්කුඩු ළග තබා ගැනීම අනිවාර්ය මරණ දඩුවම හිමිවන වරදකි. සමාජ ජාලාවල අදහස් පලකර ඇති බොහෝ දෙනෙකු සදහන් කර ඇත්තේ, මෙම පිරිසද ලංකාවට ගෙන ආවොත් ඇපමත නිදහස් වීමට බොහෝදුරට ඉඩකඩ ඇති බවයි.

මෙරට අංක එකේ කුඩු ජාවාරම්කරුවා ලෙස හැදින්වූ මොහොමඩ් සිද්ධික් නමැත්තාද පසුගිය දා ඇපමත නිදහස් කෙරිණි.

Related posts

රන්ජන් මීගමුව දිසා අධිකරණයට රැගෙන එයි

colombotoday

ඤාණසාර හිමි කුරුණෑගලින්, රතන හිමි ගම්පහෙන් නාම යෝජනා අත්සන් තබති !

colombotoday

මැතිවරණයට දින තුනකට පෙර අර්ජුන් ඇලෝෂියස් අත්අඩංගුවට

colombotoday

කෝටි තුනක මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

Admin

අධිවේගී මාර්ගයේ අනතුරකින් දෙදෙනකු ජීවිතක්ෂයට. දැඩි රථවාහන තදබදයක්

colombotoday

අගමැති රනිල් අන්තිම ලේ බිදුව තෙක් සටනක…

colombotoday