Colombo Today Local News

මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය ඉල්ලා අස්වේ !

ආචාර්ය දීපිකා උඩගම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී තිබේ.ලබන සැප්තැම්බර් 01 දා සිට එම ඉවත්වීම බලාත්මක වන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට ඇය විසින් එවා තිබූ ඉල්ලා අස්වීමේ ලිපියේ දැක්වේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යයනාංශයේ ප්‍රධානී ලෙස කටයුතු කරමින් සිටියදී ආචාර්ය දීපිකා උඩගම මෙම තනතුරට වර්ෂ 2015දී පත් කරන ලදී. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව එහි සභාපති 8 වන පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ අතර එහිදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ තත්ත්වය ඉහළ නැංවීමට සභාපතිනිය ලෙස ඇය විසින් ඉටුකළ මෙහෙය බෙහෙවින් ඇගයීමට ලක්ව ඇත. 

පසුගිය කාලය තුළ ලොව අනෙකුත් මානව හිමිකම් කොමිෂන් සභා අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඉහළ තත්ත්වයකට පත් වූ බවත්, ඒ සඳහා ආචාර්ය දීපිකා උඩගම විසින් ඉටුකළ කාර්යභාර්ය සුවිශේෂී බවත් සභාපති කරු ජයසුරිය සඳහන් කර ඇත.

එම රැස්වීම කරු ජයසුරිය සභාපතිත්වය දැරූ අවසාන ව්‍යවස්ථා දායක සභා රැස්වීම ලෙස ඉතිහාසයට එක්වීමට නියමිතය. ඒ ඉදිරි මහ මැතිවරණයෙන් පසු නව කථානායකවරයකු යටතේ ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිත හෙයිනි.

Related posts

මංගල සමරවීර නිසා රජයට විශාල අපකීර්තියක්.. සංස්කෘතියටත් ගැළපෙන්නෑ – දයාසිරි ජයසේකර

colombotoday

පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභා සියල්ලේම සභාපති තනතුරු සජිත් ඉල්ලයි

colombotoday

සුද්දට එදා තේරුණ දේ මේ හාදයින්ට තේරෙන්නෑ – ජනපති එජාපයට දෙහි කපයි (Video)

colombotoday

ගෝඨාභය අද FCID යට…

colombotoday

දෙමටගොඩ චමින්දගේ මවට බන්ධනාගාරය තුළ හෙරොයින් අලෙවියට පහසුකම් සැපයූ වූ නියාමකවරියක් කොටු

colombotoday

“ටික් ටෝක්” එකේ සිදුකල කොටි සැමරුම්

colombotoday