Colombo Today Local NewsCovid 19

මාර්තු 1 වනදා සිට 9 දා දක්වා කාලය ඇතුලත මෙරටට ඉතාලියෙන් පැමිණි 1000ක් වෙන්නප්පුව, හලාවත, මීගමුවේ නිදැල්ලේ…

මාර්තු පළවෙනිදා සිට එනම් 09 වැනිදා අතර කාලයේදී මෙරටට ඉතාලියේ සිට පැමිණි 1000ක පමණ පිරිසක් නිදහසේ නිවෙස් වල සිටින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.

ඔවුන් නිරෝදායනයට ලක් නොවී මේ ආකාරයෙන් හැසිරීම කොරෝනා වසංගතය පැතිරීමට රුකුලක් වනු ඇතැයිද ඔවුන් පෙන්වා දෙයි.

නිරෝධායන සඳහා ශ්‍රී ලංකාව වැඩපිළිවෙළක් ආරම්භ කරන ලද්දේ මාර්තු මස 6 වැනිදා පමණ වන විට බවත් ඊට කලින් පැමිණි දහස් ගණනක් පිරිසක් මෙසේ නිවස් වල සිටින බවත් සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියේය.

මෙම පිරිස වෙන්නප්පුව, හලාවත, මීගමුව ආදී ප්‍රදේශ වල මෙම පිරිස සිටින බවත් එම කලාප අවදානම් කලාප බවට පත්ව ඇති බවත් ඔහු තවදුරටත් පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

ගොඩනැගිලි අමුද්‍රව්‍ය මිල අහස උසට නගී

Admin

ජනපති නිල සංචාරයකට දිවයිනෙන් පිටව යයි..

colombotoday

දුමින්ද සිල්වා නැවත බන්ධනාගාරගත කෙරේ

colombotoday

ලංකා IOC බලපත්‍රය තවත් වසර 20ක් දීර්ඝ කෙරේ…

Admin

පියසේන ගමගේ එක්සත් ජාතික පෙරමුණට පනී…

colombotoday

සාම්පූර් දාගැබ සමතලා කළ ඩෝසර් ක්‍රියාකරුට අනතුරකින් බරපතලයි.. ඩොසරය පටවාගෙන ගිය ලොරියේ රියදුරුටත් අනතුරක්

colombotoday