Colombo Today Local News

මාලදිවයිනේ සිර වී සිටි ලාංකිකයන් 288ක් අද දිවයිනට

කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මාලදිවයින තුළ සිර වී 

සිටින  ශ්‍රී ලාංකිකයන් 288 දෙනෙකු යළි මෙරටට රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් අද (14) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් මාලේ ගුවන් තොටුපළ බලා පිටත්ව ගියේය .

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 101 දරන එම ගුවන් යානය අද උදෑසන 7.30 ට කටුනායක ගුවන් තොටුපළෙන් මාලේ ගුවන් තොටුපළ බලා පිටත් වී ගොස් තිබේ .

මෙම ගුවන් යානය තුළ ගුවන් මගීන් නොවූ අතර , ගුවන් යානා කාර්යය මණ්ඩලය 11 දෙනෙකු  පමණක් ගමන් ගනිමින් සිටියහ .

මෙම ගුවන් යානය , මෙම මගීන් පිරිස ද  රැගෙන අද දහවල් 11.30 ට යළි කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය.

Divaina

Related posts

වන ජීවී දෙපාර්තමේන්තුවට වාර්තාගත ආදායමක්

Admin

දකුණු ආසියාවේ හොඳම දූෂණ විරෝධී පනත ශ්‍රී ලංකාවට

Admin

ෂරියා මූල්‍ය සමාගමක් පිහිටුවාගෙන කෝටි 120ක පොල්ලක් තබා ඉන්දියාවට පැන්න ෂිහාම් සීරීබ් අත්අඩංගුවට

colombotoday

බදු සහන ජනතාවට නොදෙන වෙළෙඳුන් ගැන හොයන්න ජනපතිගෙන් උපදෙස් !

colombotoday

සම්බාහන මුවාවෙන් බස්නාහිර ගණිකා නිවාස 356ක්

colombotoday

අක්කරපත්තුව වසා දමයි

colombotoday