World

මැතිවරණයට පසු ජනපති සිරගත කිරීමේ සුදානමක්

“ට්‍රම්ප්ගේ පාලනය අතිශයින්ම අසාර්ථක එකක් කොරෝනා වසංගතය පාලනය කරන්න ඇමරිකාව තුල ට්‍රම්ප් පාලනය අසාර්තක් වී තිබෙනවා. වෙළදපොළ කඩා වැටිලා මිනිස්සු මේ වසංගතය නිසා ලක්ෂ දෙකකට වඩා මිය ගිහින්. මේ තත්වය තවත් අවුරුදු හතරක් එක්සත් ජනපදයේ ජිවත් වෙන මිනිස්සුන්ට බැහැ” මෙසේ  පවසන්නේ ප්‍රබල ට්‍ර්ම්ප් පාලනය විරුද්ධ මතයක සිටින 2016 වසරේ ජනාධිපති අපේක්ෂිකාව වශයෙන් ඩිමොක්ක්රෝටික් පක්ෂ අපේක්ෂිකාව ලෙස ඉදිරිපත් වූ හිලරි ක්ලින්ටන් මහත්මියයි.

අප කතා කිරීමට සුදානම්වන්නේ මේ සියලු කතා හමුවේ නොවැම්බර් 03 වැනිදා ලෝක බලවතා තෝරා ගැනීම සදහා ඇමරිකාවේ පැවැත්වෙන ජනාධිපතිවරණය සම්බන්දයෙනි. මෙවර ඇමරිකානු ජනාධිපතිවරණය සදහා  රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) ඉදිරිපත් වී සිටින අතර ඩිමොක්රෝටික් පක්ෂ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපව සිටින්නේ ජෙයෝ බඩ්න් (Joe Biden)ය ඇමරිකානු ඉතිහාසය පුරාම ජනාධිපතිවරුන් පත්ව ඇත්තේ මෙම පක්ෂ දෙක මුල් කරගෙන බව ඉතා පැහැදිලිය.,රොනල්ඩ් රේගන්,බරක් ඔබාමා,Franklin D. Roosevelt,John F. Kennedy,Jimmy Carter සේම බිල් ක්ලින්ටන්  ජනාධිපති වරයාද අයත් වෙනුයේ ඩිමොක්ක්රෝටික් පක්ෂය විසින් බිහි කරන ලද ජනාධිපති වරුන් ලෙසය. Theodore Roosevelt,Abraham Lincoln,Richard Nixon,George W. Bush,Benjamin Harrison,Donald Trump යනාදී ජනාධිපතිවරුන් රිපබ්බිලිකන් පක්ෂය විසින් බිහි කරන ලද ජනාධිපතිවරුන් වේ. ඒ අනුවද අපට බලාපොරොත්තු විය හැක්කේ මෙවරද මෙම පක්ෂ දෙකෙන් ඉදිරිපත්වන ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනාගෙන් අයෙකුගේ ජයග්‍රහනයකි. ඇමරිකා එක්සත් ජනපදය කොරෝනා වසංගතයෙන් ඉතා දරුණු ලෙස තර්ජනයට පත් රටක් බවට මේ මොහොත වන විට පත්ව තිබේ.එහි සිදු මරණ සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි.ලක්ෂ අසූවකට වඩා වසංගතය අසාදනය ලක්වී ඇති බවට වාර්තා වේ. කෙසේ නමුත් ඇමරිකානු ජනාධිපතිවරණ රැලි සහ තරගයේ උණුසුම අඩුවක් නැත අන් කවදාටත් වඩා මෙවර ජනාධිපතිවරණය සදහා තැපැල් ඡන්ද දැමීම සදහා ඉල්ලුම් කොට ඇති පිරිස් ඉහල ගොස් තිබේ. ඒ වසංගත තත්වය නිසා බව එරටින් ලැබෙන ආරංචි මාර්ග තහවුරු කරනු ලබයි.

ජනාධිපති තෝරන්නේ මෙහෙමයි

ඇමරිකා එක්සත් ජනපදයේ අපේ රටවල මෙන් මැතිවරණ විටින් විට පවත්වන්නේ නැත.ජනාධිපති තෝරා ගැනීම කොන්ග්‍රස් මණ්ඩලයට සාමාජිකයන් තෝරා ගැනීම හා සෙනෙට් සභාවට සාමාජිකයන් තෝරා ගැනීම යනාදිය එකවර සිදු කරනු ලබයි.මේ සියල්ල සිදු කරනු ලබන්නේ ඡන්ද විදයාල( electoral college  ) මගිනි ඇමරිකා එක්සත් ජනපදයේ ආසන නැතිනම් ජනපද 52ක් තිබේ. මේ සෑම ජනපදයකටම ඡන්ද විද්‍යාලයක් තිබෙන අතර ඉන් බහුතරය දිනා ගන්න පුද්ගලයා ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා වශයෙන් පත් කරනු ලබයි.සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් කිසියම් පුද්ගලයෙකු ජයග්‍රහනයක්ලද මෙම ඡන්ද විද්‍යාලවලින් බහුතර ආසන ප්‍රමාණයක් ලබා ගැනීමට නොහැකි වුවහොත් එම අපේක්ෂකයා පරාජය වෙනු ඇත.සාමන්යෙන් ඡන්ද විද්‍යාල මගින් සාමාජිකයන් 538ක් තෝරා ගන්නා අතර ඉන් 270ක් ලබා ගන්නා අපේක්ෂකයා ජයග්‍රාහි අපේක්ෂකයා වශයෙන් නම් වෙනු ඇත. බොහෝ විට ජනාධිපතිවරයා එක පක්ෂයකින් හා කොන්ග්‍රසයේ බලය තවත් පක්ෂයකටත් හිමිවීමේ ඉඩකදක්ද මෙහි තිබේ. 2016 මැතිවරණයේදී ජනාධිපතිවරයා රිපබ්ලිකන් පක්ෂයෙන් තේරුණා අතර කොන්ග්‍රසයේ බහුතර බලය හිමි උනේ ඩිමොක්ක්රෝටික් පක්ෂය සහාය.මෙහිදී කිසියම් ගැටළු කාරී තත්වයන් ඇති නොවෙනවම නොවේ යම් යම් අවස්තාවන්වල්දී ජනාධිපතිවරයාගේ යෝජනා කොන්ග්‍රසය තුල පරාජය කිරීමට මුදල් අනුමත නොකර සිටීම වැනි කාරනා එවැනි අවස්තාවලදී කොන්ග්‍රසය විසින් සිදු කරනු ලැබිය හැකිය.

තවද ඇමරිකා එක්සත් ජනපදය තුල මැතිවරණ සමයේ බහුතරයකගේ අවධානයට ලක්වෙන ප්‍රධාන ජනපද හතරක් වේ ඒවා නම් කැලිෆෝනියාව ,ටෙක්සාස්,ෆ්ලොරිඩා,නිව්යෝක්,ව්යෝමි, යනාදිය වේ.මේ අතරින් කැලිෆෝනියා ප්‍රධාන තැනක් ගනී. ජනාධිපති අපේක්ෂකයන් මෙම ජනපද කෙරෙහි වැඩි උනන්දුවක් දක්වනු අපට නිරන්තරයෙන් දැකගැනීමට හැකි වේ. යම් හෙයකින් ජෝ බයිඩන් ජයග්‍රාහකයා වුවහොත් ඉතා ඉක්මණි ඔහු ජනාධිපති ධුරයේ දිව්රුම් දෙනු ඇත.ඉන් අනතුරුව ඔහුගේ ඇමති මණ්ඩලය තෝරා ගත යුතුය.කාර්ය මණ්ඩලය තෝරා ගත යුතුය. මේ සදහා ඔහුට කිසියම් කාලයක් ගත කිරීමට සිදුවනු ඇත.නව ඇමරිකානු ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තියේ දී තිබෙන්නේ 2021 ජනවාරි මස 20 වැනිදාටය. එම උත්සවය ඇමරිකා එක්සත්  ජනපදයේ වොෂින්ටන් හි පිහිටි කැපිටල් ඩි.සි බිල්දිමේදී සිදු කිරීම ඇමරිකානු සම්ප්‍රදාය වේ. 

මැතිවරණය පරාජය උනොත් ට්‍රම්ප් සිරගත වෙයිද ?

දැනට ඇමරිකානු ජනාධිපතිවරයා වන ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත බරපතල චෝදනා රාශියක්  මේ වන විට එල්ල වෙමින් පවතී. ඔහු ඔහුට අයිති සමාගමේ ආදායම් වසන් කරමින් බදු මුදල වංචා කර ඇති බවට, ඔහු ජනාධිපති බලතල අවභාවිතා කර ඇති බවට,කාන්තාවන්ට ලිංගික හිරිහැර කර ඇති බවට,තම සමාගමකට අදාලව කූට ලිපි ලේකන සකස් කොට බදු වංචා සිදු කිරීම,ට්‍රම්ප් ජනාධිපති බලතල භාවිතා කොට මේ සියල්ල වසන් කරන බවද ඔහු ජනාධිපති ධුරයෙන් ඉවත් වූ පසු ඔහුට විරුද්ධව ජනාදිපති කොමිසමක් පත් කිරීමට ඉඩ ඇති බවද මේ දිනවල ඇමරිකා එක්සත් ජනපද සමාජය තුල හා ඉහල මට්ටමේ නීතිඥයින් අතර කතා බහට ලක් වෙමින් තිබේ. කෙසේ නමුත් ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණ වේදිකාව තුල ඉහලින් කතාබහට ලක්වන සිද්දිය බවට පත්ව තිබෙන්නේ කොරෝනා වසංගතය පාලනය නොකිරීම නිසා ඇමරිකාවට සිදුවූ විනාශකාරී බලපෑමට ට්‍රම්ප් ජනාධිපතිවරයා සම්පුර්ණයෙන් වග කිව යුතු බවයි.නමුත් ට්‍රම්ප් මේ සියල්ල ප්‍රතික්ෂේප කරමින් කියා සිටින්නේ මේ සියල්ල අතිශෝක්තියෙන් පෙන්වීමට විරුද්ධ පාක්ෂිකයන් උත්සාහයක නිරත වෙමින් සිටින බවයි. කවුරු කුමක් කීවද නොවැම්බර 03 වැනිදා වන විට ඇමරිකානු ජනයාට තම අනාගත නායකයා තෝරා ගැනීමේ අවස්තාව ලැබෙනු ඇත. මධ්‍යස්ත නිරීක්ෂකයන්ගේ අදහස වනුයේ මැතිවරණයේ වැඩි වාසි ඩිමොක්ක්රෝටික් අපේක්ෂක ජෝ බයිඩිනට හිමිවීමේ වැඩි ඉඩක් එකසත් ජනපද සමාජය තුල නිර්මාණය වී ඇති බවයි.

කෙසේ නමුත් වැදගත්ම දේ නම් ඇමරිකාව තුල කවුරු ජනාධිපති වුවත් ඔවුන්ගේ විදෙස් ප්‍රතිපත්තිය ඒ ආකාරයෙන්ම පැවතීමයි. මෙතෙක් පැවති සම්ප්‍රධාය එයයි නව ජනාධිපතිවරයෙක් පත් වුවහොත්  එය බාහිර රටවල් සදහා බලපාන්නේ කෙසේද යන්න ඉතා වැදගත් වේ. වර්තමාන ජනාධිපතිවරයා විසින් දියත් කරමින් සිටින චීන විරෝධී ජාත්‍යන්තර ප්‍රතිපත්තිය ජෝ බඩීනට  වෙනස් කල හැකිද ඇමරිකාව විසින් ත්‍රස්තවාදයට එරෙහිව ගෙන යනු ලබන ලෝක ත්‍රස්ත මර්ධන වැඩපිළිවෙලට කුමක් විය හැකිද ? ඇමරිකාව විසින් ලෝකයේ අනෙකුත් රටවල් සදහා සිදු කරන දේශපාලන ආර්ථික හා සමාජ මැදිහත්වීම කුමන දිසාවකට ගමන් කරනු ඇත්ද යන්න අප ඉදිරියේ තිබෙන ප්‍රශ්න කිහිපයකි.

රෝහණ කිර්ති විජේබාහු

Related posts

ඇෆ්ගනිස්ථානයට බලපෑ ගංවතුරින් ජීවිත 160ක් අහිමියි

colombotoday

ට්‍රම්ප් ට යළිත් අධි චෝදනා – අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝග..

Admin

ජනපති දිවුරුමට ජනතා විරෝධය.. උගන්ඩාව ඇවිළෙයි.. හිටපු ජනපති මහින්දත් උගන්ඩාවේ

colombotoday

වයස 2ක සහ 5ක දැරියන් දෙදෙනෙකු සමුහ දුෂණයට ලක්වේ – සැකකරුවන් අත්අඩංගුවේ

colombotoday

“ඉරානය සෙල්ලම් කරන්නේ ගින්දරත් එක්ක” – ට්‍රම්ප්

colombotoday

උතුරු කොරියාව තවත් බැලස්ටික් මිසයිල දෙකක් අත්හදා බලයි

colombotoday