Colombo Today Local News

මැතිවරණය කළමණාකරණය කිරීම සඳහා විශේෂ මෙහෙයුම් මැදිරියක්

2020 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මැතිවරණය කළමණාකරණය කිරීම සඳහා පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇත.

පොලිස් මූලස්ථානය සඳහන් කර සිටින්නේ මෙම මස 01 වන දින සිට එය ස්ථාපිත කර ඇති බවයි.

මෙම මෙහෙයුම් මැදිරිය වෙත මහජනතාවට මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධව පැමිණිලි හා තොරතුරු ලබාදීම සඳහා ද පහසුකම් සලසා ඇත.

ඒ සඳහා සෘජු දුරකථන අංක ලෙස 1933 හෝ 011-2472757 භාවිත කළ හැකිය.

අනෙකුත් දුරකථන අංක ලෙස 011-5978701/ 011-5978703/ 011-5978719/ 011-5978722/ 011-5978702/ 011-5978714/ 011-5978721/ 011-5978737 භාවිත කළ හැකිය.

ෆැක්ස් අංක වන්නේ 011-2345553/ 011-2327706/ 011-2440433 යන අංකය.

igp.cr@police.lk විද්‍යුත් තැපැල් ලිපිනය ලෙස භාවිත කළ හැකිය.

Related posts

අලුත් ආණ්ඩුවේ ඇමතිකමකට මටත් ආරාධනා ලැබුණා – ෆොන්සේකා

colombotoday

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයට අයදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කෙරේ

Admin

දුම්රිය ගාස්තු 15%කින් ඉහළට…

colombotoday

හිස්බුල්ලා පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට එයි

colombotoday

ආණ්ඩුව ජනතාවට කරන්ට් වද්දවලා

Admin

(Video) ජන සටන පාද යාත්‍රාව පේරාදෙණියෙන් ඇරඹේ.. මහින්දත් පෙර ගමනේ

colombotoday