Colombo Today Local News

මැතිවරණ කොමිසම පත්කරයි, සභාපති මහින්දමයි

ad01508c1bb52e0316184b56eb11666e_Lජාතික මැතිවරණ කොමිෂන් සභාව බලාත්මක කරමින් සභාපතිවරයෙක් සහ සෙසු සාමාජිකයන් පත්කර ඇත. ඒ අනුව එහි සභාපතිවරයා ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පත්කර ඇත. සෙසු සාමාජිකයන් ලෙස නලින් අබේසේකර, මහාචාර්ය රත්නජීවන් හූල් යන මහත්වරුන් පත්කර ඇත.

මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ගේ නම් ව්‍යවස්ථාදායක සභාව විසින් පසුගියදා යෝජනා කෙරුණි. අදාල නම් ජනාධිපතිවරයාගේ අනුමැතිය සදහා යොමු කර තිබු අතර, ඊට ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම සීමා නිර්ණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ටී. කණගරත්නම් මහතා ද මුල්‍යමය කොමිසමේ සභාපති ලෙස යූ.පලිහක්කාර මහතාද ප්‍රතිසම්පාදන කොමිසමේ සභාපතිවරයා ලෙස ඒ.එම් ෆොන්සේකා මහතාද පත් කර ඇති බව වාර්තාවෙයි.

Related posts

SAITM තාවකාලිකව අත්හිටුවක්.. රජයේ තීරණය දැනුම් දෙයි !

colombotoday

මංගල – ජෝන් කෙරී ගිවිසුමෙන් ලංකාවේ ජාතික ආරක්ෂාව බරපතල අනතුරක !

colombotoday

93 ක නාම යෝජනා අදින් අවසන්.. ඉතිරි 248ට ලබන 18 සිට 21 දක්වා නම් කැදවයි..

colombotoday

2023 දී කළුවර ජූලියක් ගැන අනතුරු අඟවයි

Admin

අස්වැසුම වැඩසටහනේ අභියාචනා සහ විරෝධතා මිලියනය පනී

Admin

සිංහල සිනමාවේ “බොක්ස් ඔෆිස් රජු” සුනිල් සෝම පීරිස් අභාවප්‍රාප්ත වෙයි

colombotoday