Colombo Today Local News

මැති ඇමති පිරිසකට දරුණු මානසික රෝගයක්… රනිල්, මහින්ද ඒ ගැන රහස් සාකච්ඡාවක්

bipolarඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් ඊයේ 04 පාර්ලිමේන්තුවේදී සිදුවී ඇති අතර එහිදී එක්තරා විශේෂ කරුණක් සම්බන්දයෙන් ද දෙදෙනා කතා බහ වී ඇති බව Colombotoday වෙත අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරු පිරිසක් දරුණු ගනයේ මානසික රෝගයකට ගොදුරු වී ඇති බව වෛද්‍ය පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත. (Bipolar Affective Disorder – දෙයාකාර මනෝස්වභාවය) නමින් හැදින්වෙන එම දරුණු මානසික ව්‍යාධිය උග්‍ර ලෙස වැළදී ඇති බව සැළකෙන එක්තරා ඇමතිවරුන් කිහිප දෙනෙකු පිළිබදව අගමැතිවරයාගේ සහ හිටපු ජනාධිපතිවරයාගේ අවධානය එහිදී යොමුවී ඇති බව එම ‍තොරතුරු මාර්ග සදහන් කරයි.

මේ සම්බන්දයෙන් ඉරිදා ‘සත්හඬ’ පුවත්පතින්ද විශේෂ අනාවරණයක් කර තිබිණි. සත්හඩ පුවත්පතට එම කරුණු අනාවරණය කර ඇත්තේ නම සදහන් නොකරන දිවයිනේ ප්‍රසිද්ධ විශේෂඥ මනෝ වෛද්‍යවරයෙකි.

අදාල පුවත්පත් වාර්තාව පහතින් දැක්වේ.

මේ වන විට පාර්ලිමේන්තුව නියෝජනය කරන ඇමැතිවරු කිහිප දෙනකුම මේ රෝගය නිසා තමන් වෙත ප‍්‍රතිකාර ගැනීමට පැමිණ ඇති බවත් පවසන එම වෛද්‍යවරයා, තවමත් මේ රෝග ලක්ෂණ හඳුනා නොගත් මන්ත‍්‍රීවරු ගණනාවක් පාර්ලිමේන්තුවේ සිටින බවත්, ඔවුන්ගේ හැසිරීම හා කතා බහෙන් තමාට එය තේරුම් ගොස් ඇති බවත් පවසයි.

නමුත් ඔවුන් එය නොදන්නා බව ද ඔහු අවධාරණය කරයි. ඒ අතර පක්ෂ කිහිපයක ප‍්‍රබල නායකයන් කිහිප දෙනකු ද සිටීම අවධානයට ගත යුතු බව ඔහු පවසයි.

බරපතල ඛේදවාචකයක් :

ඔවුන් හෝ ඔවුන්ගේ සමීපතමයන් මේ රෝග ලක්ෂණ හඳුනාගෙන ඔවුන්ව ප‍්‍රතිකාරවලට යොමු නොකළහොත් එය මේ රට මහත් ඛේදවාචකයක් කරා රැගෙන යනු ඇති බවට එම වෛද්‍යවරයා අනතුරු හඟවයි.

මෙම ඇමැතිවරුන් අතර ප‍්‍රබලම ඇමැතිවරයකු හා ඔහුගේ පුත‍්‍රයකු ද සිටින බවත් ඔවුන් දෙදෙනාම තමා වෙත ප‍්‍රතිකාර ගැනීමට පැමිණෙන බවත් ඔහු පවසයි. මෙම රෝග තත්ත්වය වැළඳී ඇති මන්ත‍්‍රීවරුන්ට ‘Tramadol’ නමැති ඖෂධය නිර්දේශ කර ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

මෙම රෝගය වැළඳුණ පසුව අන් සියලූ දෙනාට වැඩිය තමන් බලවතකු බව හෝ තමන් ඉහළ ඉලක්කයක් වෙත පිය නැගීමේ සූදානමින් පසුවන බව අන්‍යයන්ට නිරන්තරයෙන් ඒත්තු ගැන්වීම සිදු කරයි. සුවිශේෂී චරිතයක් ලෙස ඉස්මතු වීම මේ රෝගය වැළඳුණ අයගේ සිරිතය. ඔවුන් ඒ වෙනුවෙන් දැඩි උත්සාහයක නිරත වෙයි.

ඇමැති හා එම පුත‍්‍රයා :

මනෝ වෛද්‍යවරුන් පවසන පරිදි මේ ‘දෙයාකාර මනෝ ස්වභාවය’ යනු අවපීඩනයෙන් පෙළෙන අතරතුර එකවිටම අධි මානසිකත්වයක් කරා සම්පූර්ණයෙන්ම වෙනස් වී සිතුවිලි හා ක‍්‍රියාකාරිත්වය අසාමාන්‍ය ලෙස උත්සන්න වීමයි. පවුලේ කෙනකුට මෙම රෝගය තිබේ නම් එම පවුල්වල සාමාජිකයන්ට එය වැළඳීමේ අවදානමක් තිබෙන බව ද සොයාගෙන ඇත. ඉහත සඳහන් කරන ලද ඇමැති හා එම පුත‍්‍රයා සම්බන්ධයෙන් එය සනාථ වෙයි.

මෙම රෝගය වැළඳුණ අයගේ අධික‍්‍රියාකාරීත්වය, උමතුව (Mania) ලෙස හඳුන්වයි.

මෙහි දී පාලනය කරගත නොහැකි සිතුවිලි, තොරතෝංචියක් නැතිව කතා කිරීම, නිදාගැනීමේ අවශ්‍යතාව අඩු වීම සුලබ රෝග ලක්ෂණ ලෙස දකින්නට ලැබෙන අතර මෙම රෝගය වැළඳුණ දේශපාලකයන් වෙතින් නිරන්තරයෙන් තමන් රට බේරා ගත් අය බව, රට බේරා ගැනීමට කතා කිරීම, ජාතියේ නායකයා ලෙස පෙනී සිටීම, පැවති ආණ්ඩුවක් පෙරළා ජයගත් බව, මීළඟ ආණ්ඩුවේ අගමැති හෝ ජනාධිපතිවරයා තමන් වන බව ප‍්‍රකාශ කිරීම, හැම දෙයක්ම දන්නේ තමන් බව අන්‍යයන්ට පෙන්වීම, අන්‍යයන්ගේ මතය නොපිළිගැනීම, අන්‍යයන්ගේ තීන්දු තීරණ නොසලකා කටයුතු කිරීම, කාලවකවානු පවසා බලය අත්පත් කර ගැනීම ගැන කතා පැවැත්වීම….. ආදිය දකින්නට ලැබේ.

තමන් ලොක්කකු බවට :

වෛද්‍ය මතය අනුව රෝගියා නැවත මානසික අවපීඩන තත්ත්වයට පත් වනතුරු තමන් ලොක්කකු බවට වන උමතු ස්වභාවය සමහර අවස්ථාවල දවස් කිහිපයක් හෝ මාස කිහිපයක් පුරා තිබිය හැකිය.

අප ඉහතින් සඳහන් කළ රෝගී තරුණ මන්ත‍්‍රීවරයා පසුගිය කාලයේ හැසිරුණේ රාජපක්ෂ රෙජීමය පැරදවූ වීරයා තමන් බව කියමින්ය. එම ඇමැතිවරයා හැසිරෙන්නේ ද තමන් රටේ නීතිය බව අන්‍යයන්ට ඒත්තු ගන්වමිනි.

එහෙත් මෙම උමතු සිතුවිලි එකවර කඩා වැටීම ඔවුන් සියදිවි හානිකර ගැනීම දක්වා දරුණු අතට හැරීම මෙම රෝගයෙන් පෙළෙනවුන් අතර දකින්නට ලැබේ. සියදිවි හානි කර ගත් විශාල පිරිසක් මෙම රෝගයෙන් පෙළෙන්නන් වන බව ද සොයා ගෙන ඇත.

එමෙන්ම සිහිනයෙන් දෙවිවරු ආදී අමනුස්සයෝ පැමිණ තමන්ට අහවල් දේ ලැබෙන්න යන බව පැවසීම මේ රෝගීන්ගේ අත්දැකීමකි.

ප‍්‍රකට ව්‍යාපාරිකයෙක් :

එමෙන්ම මෙරට ප‍්‍රකට ව්‍යාපාරිකයන් කිහිප දෙනකු ද මේ රෝගයට ගොදුරුව ප‍්‍රතිකාර ගත් බව දැන ගැනීමට ලැබී ඇත. ඒ අතර රජයේ ඉහළ තනතුරක් හෙබවූ මෙරට ඉහළම ව්‍යාපාරිකයකු තමන් අනාගතයේ දී මහ බැංකුවේ අධිපතිවරයා වන බවත් මුදල් අමත්‍යාංශයේ ලේකම්වරයා වන බවටත් කටමැත දොඩා තිබිණි.

එහෙත් පසුව ඔහුගේ රෝගී තත්ත්වය හඳුනා ගැනීමෙන් පසුව සිංගප්පූරු රෝහලක දී අවශ්‍ය ප‍්‍රතිකාර ලබා ගෙන ඇත.

කෙසේ නමුත් මෙම රෝගයෙන් පෙළෙන මැති ඇමැතිවරු එම රෝගී තත්ත්වයන්ට ප‍්‍රතිකාර නොගෙන මෙරට දේශපාලන තීන්දු තීරණ ගැනීම රටම බරපතළ අනතුරක හෙළනු ඇති බව මේ මැති ඇමැතිවරුන්ට ප‍්‍රතිකාර කරන විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙයි.

ඔහුගේ අධ්‍යයනයන්ට අනුව මෙරට ජනාධිපති ධුරයේ සිටි ජනාධිපතිවරු දෙදෙනකු මේ රෝග තත්ත්වයෙන් පෙළී ඇත. එමෙන්ම අගමැතිවරයකු ද ඒ අතර වෙයි.

(සුභාෂ් ජයවර්ධන)

රෝගය පිළිබඳව වැඩි දුරටත් තොරතුරු

 

Related posts

ජනපති ඝාතන කුමන්ත්‍රණයට නි. පොලිස්පති නාලක සිල්වා යළි රිමාන්ඩ්…

colombotoday

දකුණේ පාසල් හෙට සිට යළි විවෘත කෙරේ..

Admin

ප්‍රතිඵල සම වුණොත්, ජයග්‍රාහකයා තේරීම කුසපත් ඇදීමෙන් !

colombotoday

අපේ රහස් මාධ්‍යයට කියන්න එපා! එ.ජා. නියෝජිතයෝ එක්නැලිගොඩ බිරියට කියයි

colombotoday

දමිළ ජනතාවගේ එකම නායකයා ප්‍රභාකරන් පමණයි – අයින්කරනේසන්

colombotoday

දෙමළ බෙදුම්වාදය, ඉස්ලාම් අන්තවාදය ශක්තිමත් කරන කදවුරකට බලය දීමට පෙර සිය දහස් වරක් සිතන්න..

colombotoday