Colombo Today Local News

මැදමුලන රාජපක්ෂ සමාධියටත් FCID පනී

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙමව්පියන් වෙනුවෙන් වීරකැටිය, මැදමුලන ඉදිකර ඇති ස්මාරකය හා ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසය මගි ඊයේ (10) පරීක්ෂාවට ලක් කළා.

ඒ මෙම කෞතුකාගාරය සහ ස්මාරකය ඉදි කිරීමේදී සිදුව ඇතැයි පැවසෙන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාලවයි.

අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව FCID නිළධාරීන් කණ්ඩායමක් රජයේ තක්සේරු නිළධාරීන්ද සමග ආදාල කෞතුකාගාරය ඇති ස්ථානයට ගොස් විමර්ශන ආරම්භ කළා.

ඒ අනුව අලුත්කඩේ මහේස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිළධාරීන් කණ්ඩායමක් කෞතුකාගාරය ඇති ස්ථානයට ගොස් විමර්ශන ආරම්භ කළා.

කෞතුකාගාරය ඉදි කිරීමට අදාළ තක්සේරු වාර්තාවක් ලබා ගැනීම එහි අරමුණ බව පොලිස් මූලස්ථානය පවසනවා.

Related posts

රටට අහිතකර බිහිසුණු පනතක් පාර්ලිමේන්තුවට !!

colombotoday

පෑලියගොඩ, වනවාසල දී අයිස් කිලෝවක් අල්ලයි

Admin

ඖෂධ වර්ග 27 ක මිල අඩු කිරීමේ වැඩපිළිවෙල අවසන් අදියරට

colombotoday

“හිගා කාල අපි ඇප ගන්නේ නෑ“ – ඇප ලබා එළියට ආ විමල්ගෙන් සැර කතාවක් (Video)

colombotoday

කංජිපානි ඉම්රාන්ගේ පියාට තියුණු ආයුධවලින් පහර දුන් සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

colombotoday

නිල නිවාස භාර නොදුන් හිටපු ඇමතිවරුන්ගෙන් දඩ කුලියක් අය කිරීමට පියවර

colombotoday