Colombo Today Local News

මින්පසු ඇමතිලාට හිතු මනාපේ වැඩ බෑ… රාජ්‍ය ආයතන ප්‍රධානීන් පත්කිරීම විද්වත් මණ්ඩලයකින්…

නව ඇමති මණ්ඩලය යටතේ රාජ්‍ය ආයතන වල සභාපති තනතුරු අධ්‍යක්ෂ මණ්ඩලයට පුද්ගලයන් පත් කරනු ලබන්නේ විද්වත් මණ්ඩලයකින් බව ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය. යෝජිත නම් ජනාධිපති කාර්යාලය ඒවා අනුමත කරගත යුතු බවත් ඔහු සදහන් කලේය.

එමෙන්ම රජයේ රැකියා ලබා දීමේදී දුප්පත් පවුල් වල උගත් තරුණයන්ට ප්‍රමුඛතාවය ලබාදිය යුතු බවත් ඒවා රට පුරා බෙදී යන පරිදි ජනාධිපති කාර්යාලයේ සම්බන්ධීකරණ යටතේ සිදුකළ යුතු බව ඔහු පැවසීය.

නව ඇමතිවරුන් වංචා දූෂණ චෝදනාවලට ලක් නොවන ආකාරයෙන් කටයුතු කළ යුතු බවද ඒ මහතා තවදුරටත් සඳහන් කරන ලදී.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කරන ලද්දේ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමේ උත්සවය අමතමිනි.

එහිදී ජනපතිතුමන් දැක්වූ අදහස් වැඩිදුරටත් මෙසේය.

“ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් අප සඳහන් කළා අපිට හැකිවන පළමු අවස්ථාවේදී මහ මැතිවරණයක් පවත්වනවා කිව්වා. අපි පිහිටුවා තිබෙන්නේ අන්තර්කාලීන ආණ්ඩුවක්.

මේ කාලය තුළ අපි පිහිටවූ ආණ්ඩුව ප්‍රධාන වශයෙන්ම අපි ඉදිරිපත් කළ සැලැස්මේ මූලික කරුණු ක්‍රියාත්මක කිරිම සඳහා පමණක් සීමා වුණ රජයක්.

ඒ නිසා තමයි අපි 15ක කැබිනට් මණ්ඩලයක් පත්කර ගත්තේ. මහජනතාව විශාල බලාපොරෙතා්තු සහිතව තමයි අපිව ජයග්‍රහණය කෙරෙව්වේ.

අපිට විශාල අභියෝග තිබෙනවා. ඒවා ජයග්‍රන්නා අතර මහජනතාවට සේවය කරන්න ඕන.

පසුගිය කාලයෙදී පවතින දේශපාලන සංස්කෘතියට මහජනතාව විශාලපිළිකුළක් දැක්වූවා.

අපි එයින් ඉවත්වෙලා ජනතාව බලාපොරොත්තුවන අලුත් යුගයකට යා යුතුයි.

මේ කාලය තුළ අපි අපේ උපරිම හැකියාව යොදවා අපි පොරොන්දුවුණ කරුණු ක්‍රියාත්මක කිරීමට ඔබගේ සහාය බලාපොරොත්තු වෙනවා.

අපි අමාත්‍ය මණ්ඩලය 15ට සීමා කළා. ඒ අමාත්‍යවරුන් යටතේ රාජ්‍ය අමාත්‍යවරු පත්කිරීමට නියමිතය.

ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩ කරන්න සහාය දෙන්න කියලා.

මීට කලින් අත්සන ප්‍රැක්ටිස් කළා විතරයි බලයක් තිබුණේ නෑ කිව්වා. මම කියනවා අමාත්‍යවරුන්ට ඒ අයට සම්පූර්ණ සහාය දෙන්න කියලා.

මම ස්තූතිවන්ත වෙනවා මන්ත්‍රීවරු කුඩා ඇමති මණ්ඩලයක් පත්කරන්න කියලා. තරුණ මන්ත්‍රීවරුන්ටත් අවස්ථාවක් දෙනවා.

අපි ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව කටයුතු කරන්න. අමාත්‍ය යටතේ පවත්වා රාජ්‍ය ව්‍යවසාය පාඩු ලබන ආයතනයන් බවට පත්වෙලා තිබෙනවා.

අපි ඒවා ලාභ ලබන භාණ්ඩාගරයට බරක් නොවන අයුරින් ක්‍රියාත්මක කරන්න ඕන. ඒවායේ සභාපතිවරුන් හා අධ්‍යක්ෂවරුන් පත්කිරීමේදී කාර්යය කරන්න පුළුවන් සුදුසුකම් හා වෘත්තීය දැනුම ඇති සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කළ යුතුයි.

මේ සඳහා තේරීම් මණ්ඩලයක් හරහා අපි තෝරා ගන්නවා. එවැනි නම් තිබෙනවානම් තේරීම් මණ්ඩලයට යොමුකරන්න.

නිපුණත්වයක් අවශ්‍ය නොවන රැකියා දුප්පත් කමින් පහළ මට්ටමේම සිටින ජනතාව ඇබෑර්තු ලබාදෙන අයට දෙන්න. ඒ හරහා දුප්පත්කමෙන් ඉහළට ගන්න පුළුවන්.

නිපුණත්වයක් අවශ්‍ය නොවන රැකියා සඳහා අධ්‍යාපනයෙන් වැඩි අය පත්කරන්න එපා. සෑම මන්ත්‍රීවරයෙකුට මේ අවස්ථාව දෙන්න ඕන.

එය ජනපති ලේකම් කාර්යාලයට ලබාදුන්නොත් අපිට පුළුවන් ඒ අයට අවශ්‍ය රැකියා දෙන්න.

සඳුදා රාජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දෙනවා. 19 වැනි සංශෝධනයේ සීමා ඇතුළේ තමයි අමාත්‍ය මණ්ඩලය ලබාදෙන්න පුළුවන් වෙන්නේ.

ඇමති මණ්ඩලය පත්කිරීමේදී පවා 15 දෙනෙකු තෝරා ගැනීමට අපහසුතාවක් තිබුණා. අද වඩාත් වැදගත් වන්නේ අපි ඉදිරියේ තිබන අභියෝග ජයගන්නයි.

මේ සඳහා මටත් අගමැතිතුමාටත් සම්පූර්ණ සහාය දෙන්න. ඉදරි මැතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබන්නට අවශ්‍යයි. ඒ සඳහා තමුන්නාන්සෙලාගේ සහාය ඉල්ලා සිටිනවා.”

Related posts

ඇමැති ඩිලාන් පෙරේරා රජයේ මුදල් කෝටි 14ක් කාබාසිනියා කරලා

colombotoday

එජාපය මට දෙන්න, දිනවලා පෙන්වන්නම් – මෛත්‍රී කියයි

colombotoday

ව්‍යවස්ථා මගෝඩියෝ ජනපතිවත් අන්දා රටත් නොමග යවන්න ගහන “ඒකීය” ගැටේ මෙන්න !

colombotoday

එකම විසදුම ෆෙඩරල් පමණයි.. ජාත්‍යන්තර විනිසුරන් නැතිව කිසිවක් එපා ! – විග්නේෂ්වරන්

colombotoday

පසුගියදා කැබිනෙට්ටුවෙ තිබුණ නාට්‍ය මරේ මරු

colombotoday

රහස් හෙළිකරන්න ගීතාත් ලෑස්තියි !

colombotoday