Colombo Today Local News

මීළඟ ආණ්ඩුවෙත් කර්මාන්ත අමාත්‍යවරයා මං..

මීළඟ ආණ්ඩුවෙත් කර්මාන්ත අමාත්‍යවරයා තමන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

හම්බන්තොට පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

වර්ථමානයේ පක්ෂ භේද නොමැති බවත් කැබිනට් මණ්ඩලයේ සිටින්නේ 14දෙනෙකු පමණක් බවත් ඔහු පැවසීය.

භාණ්ඩ රැසක් ආනයනය කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නවතා දමා ඇති බැවින් ඉදිරියේදී නව නිෂ්පාදන කර්මාන්ත බිහිවන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

පසුගිය ආණ්ඩුව ආර්ථිකමය බිම් බෝම්බ රට තුළ වළලා ඇති බැවින් ඒවා පුපුරවා නොගෙන නිවැරදිව ගලවා ඉවත් කරගත යුතු බව පැවසු අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ඒ සඳහා පළමුවෙන්ම සිදුකළ යුත්තේ නිවැරදි බෝම්බ නිෂ්ක්‍රිය අංශයක් මහජනතාව විසින් තෝරා පත්කර ගැනීම බවය.

Related posts

කොරෝනා මුස්ලිම් මළසිරුරු භූමි දානය මාලදිවයිනට

colombotoday

කැබිනට් මණ්ඩලය ගත් විශේෂ තීරණ කිහිපයක්

Admin

පොලිස්පතිට “සර්“ ගෙන් ආ ඇමතුම ගැන අගමැති පාර්ලිමේන්තුවේදී හෙළි කරයි

colombotoday

මෙවර ශිෂ්‍යත්ව විභාගය 15 වැනිදා

Admin

හෙට උද්ඝෝශකයින් උසි ගන්වා රාජ්‍ය දේපළවලට හානි කිරීමට සංවිධානාත්මක පිරිසක් සූදානමින්

colombotoday

ගැට කපන්නකුට එරෙහි වූ තරුණයෙක්ට පිහි පහර

Admin