Covid 19World

මුදල් නෝට්ටු, ජංගම දුරකථන තිර සහ මළනොබැදෙන ලෝහ මත කොරෝනා වෛරසය මාසයක කාලයක් නොනවැසි පවතිනවා

මුදල් නෝට්ටු, ජංගම දුරකථන තිරය සහ මළනොබඳින ලෝහ මත දින 28ක කාලයක් නොනැසී පැවතීමේ හැකියාව කොවිඩ් වෛරසය සතු බව නවතම පර්යේෂණයකින් හෙළිවී තිබේ.

ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් එම පර්යේෂණය සිදුකර තිබේ.

මීට පෙර අනාවරණය වී තිබුණේ මුදල් නෝට්ටු සහ වීදුරු මත කොවිඩ් වෛරසයට පැවතිය හැක්කේ දින 3ක කාලයක් පමණක් බවය.

එමෙන්ම ප්ලාස්ටික් සහ මළනොබැඳෙන ලෝහ මත වෛරසයට දින 6ක් පැවතිය හැකි බවත් මීට පෙර ප්‍රකාශ කර තිබුණි.

කෙසේ නමුත් විද්‍යාඥයින් පවසන්නේ, මේ ආකාරයෙන් වෛරසයට පැවතිය හැක්කේ ප්‍රශස්ත තත්ත්වයන් යටතේදී පමණක් බවය.

ශීත කාලගුණික තත්ත්වයන් යටතේ වෛරසයට වඩාත් පහසුවෙන් වර්ධනය විය හැකි බවද මේ වාර්තා වැඩිදුරටත් පෙන්වාදෙයි.

වඩාත් උණුසුම් කාලගුණයක් පවතින විට වෛරසයට පැවතිය හැකි කාලය සීමා වෙන බව සඳහන් කරන විද්‍යාඥයින් පවසන්නේ අධෝරක්ත කිරණ බලපෑම යටතේ වෛරසය වහාම විනාශයට පත්වන බවය.

කෙසේ නමුත්, කිවිසීමේදී, කැස්සකදී හෝ කතා බහක නිරතවෙද්දී මිනිසාගෙන් මිනිසා වෙත වෛරසය සම්ප්‍රේෂණය වීමේ වැඩිම සම්භාවිතාවක් පවතින බවද එම විද්‍යාඥයින් කණ්ඩායම පෙන්වාදෙයි.

Related posts

කොරෝනා ආසාධිත සංක්‍යාව 100 දක්වා ඉහලට

colombotoday

යුක්‍රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක් – මොස්කව් ප්‍රධාන ගුවන් තොටුපළ වසා දමයි

Admin

බිලි පූජාවකට ගැහැණු දෙදෙනෙක් වධ දී මරා දාලා…

colombotoday

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday

මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිය ඇරඹේ…

colombotoday

ප්‍රංශයට නැවතත් ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයක්.. 77ක් මිය ගිහින්

colombotoday