Colombo Today Local News

මුදල් පනතක් පරාජය නොවී ආණ්ඩුව 99න් බේරෙයි

පාර්ලිමේන්තුවට ඊයේ (6 දා) ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ මුදල් පනතක්‌ වෙනත් දිනයකට කල් තැබීම හා ආණ්‌ඩුවේ තවත් යෝජනා දෙකක්‌ ඉවත් කර ගැනීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු ඊයේ (06 වැනිදා) පැයකටත් අඩු කාලයකට සීමා විය.

අදාළ මුදල් පනත ආණ්‌ඩු පක්‌ෂ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර ස්‌ථාවර නියෝග යටතේ විපක්‌ෂයෙන් ඊට ඡන්ද විමසීමක්‌ ඉල්ලා සිටියේය. එම අවස්‌ථාවේදී අදාළ මුදල් පනත වෙනත් දිනයක ඉදිරිපත් කිරීමට ආණ්‌ඩු පක්‌ෂ සංවිධායකවරයා එකඟ විය.

අනතුරුව සභාවට ඉදිරිපත් කර විවාද කර සම්මත කර ගැනීමට නියමිතව තිබූ යෝජනා දෙකක්‌ ද ඉවත් කර ගැනීමට ආණ්‌ඩුව ඊයේ කටයුතු කළේය.

පොදු කොන්ත්‍රාත් පනත යටතේ නියෝගය සහ මහජන සේවා පනත යටතේ නියමයන් එසේ ඉල්ලා අස්‌කර ගත් යෝජනාවන්ය.

 අනතුරුව සභාව ලබන 17 වැනිදා දක්‌වා කල් තැබීමට කටයුතු කළ අතර සභාව කල් තබන අවස්‌ථාවේ යෝජනාව විවාදයට ගන්නා ලෙස කථානායකවරයා සභාවට දැනුම් දුන්නේය.

එම යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතව සිටි විපක්‌ෂ මන්ත්‍රී ඒ. සී. මුතුකුමාරණ මහතා ද සභාවේ නොසිටීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ ඊයේ කටයුතු විනාඩි 49 කට පමණ සීමා විය.

කථානායක කරු ජයසූරිය මහතාගේ මුලසුනින් යුතුව පාර්ලිමේන්තුව ඊයේ (06 වැනිදා) පෙ.ව. 10.30 ට රැස්‌ විය.

 නිවේදන, මහජන පෙත්සම් හා ලිපි ලේඛන ඉදිරිපත් කිරීමෙන් පසුව ප්‍රධාන කටයුතු ආරම්භ විය.

 කථානායක – සභාව ආරම්භයේදී කටයුතු.

 ආණ්‌ඩු පක්‌ෂයේ ප්‍රධාන සංවිධායක – මුදල් පනත් කෙටුම්පත ඉදිරිපත් කරමි.

 කථානායක – දෙවැනිවර කියවීම කවදාද?

 ආණ්‌ඩු පක්‌ෂයේ ප්‍රධාන සංවිධායක – හෙට (ටුමාරෝ)

 වාසුදේව නානායක්‌කාර – අපි ඊයේ දින ඇති වූ තත්ත්වය ගැන ආයෙත් කතා කරන්නේ නෑ. ඒත් අද දින මුදල් පනතක්‌ ඉදිරිපත් කරලා තිබෙනවා. එය හෙට දිනයේ විවාදයට ගන්නවා කිව්වා. අපි කියනවා හෙට යන්න බෑ කියලා. මේ සභාවේත් තීන්දුවක්‌ ගන්න ඡන්දය විමසලා එය විවාදයට ගන්න ඕනෑද, නැද්ද කියලා.

 කථානායක – පනතක්‌ ඉදිරිපත් කරන්න සභාවේ අවසරය අවශ්‍ය නෑ. ඊයේ පක්‌ෂ ප්‍රධානීන්ගේ රැස්‌වීමේදී අපි එකඟ වුණා. සභාවේ අවසරය අවශ්‍ය නෑ. මේ පනත ඉදිරියේදී වෙන දවසක ගනීවි. ඒ සම්ප්‍රදාය හෙට කියලා කියන්නේ.

 යෝජනා පිළිබඳ දැනුම්දීම

 ආණ්‌ඩු පක්‌ෂ ප්‍රධාන සංවිධායක – අංක 1 සහ අංක 2 ඉදිරිපත් කරනවා.

 දිනේෂ් ගුණවර්ධන මහතා – ස්‌ථාවර නියෝග යටතේ කථානායකතුමා මීට පෙර ද, පාර්ලිමේන්තු සම්ප්‍රදායේදී සභාවේ එකඟතාවය නැති නම් සභාවේ අනුමැතිය ඉල්ලලා තිබෙනවා. එවිට සභාව එකඟයි නම් සභාව එකඟයි කියලා සභානායක තුමා කියනවා. එකඟ නැති නම් ඡන්ද විමසීමට දානවා. එකඟත්වය අවශ්‍යයි. මේ සම්ප්‍රදාය කඩන්න එපා. එක එක්‌ කෙනාගේ ලණුq කන්න එපා.

 කථානායක – මේකට එකඟ නැත්නම් ඡන්දයක්‌ ගන්න අවස්‌ථාවක්‌ තිබෙනවා. අංක 02 ආ

ආණ්‌ඩු පක්‌ෂයේ ප්‍රධාන සංවිධායක – අපි වෙනත් දවසක ඉදිරිපත් කරනවා. විරුද්ධ පක්‌ෂය කියනවා නම් අපිට හදිසියක්‌ නෑ. වෙන දවසක අපි ඉදිරිපත් කරන්නම්. අපට ප්‍රශ්නයක්‌ නෑ.

දිනේෂ් ගුණවර්ධන මහතා – මම කිව්වේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව යෝජනාවක්‌ ගෙනාවත් සභාවේ එකඟ නැත්නම් එය ප්‍රශ්නයක්‌. එය ඡන්දයකට දාන්න ඕන. ඒත් අද ආණ්‌ඩුව ඡන්දයක්‌ දාන්නේ නැත්තේ ඇයි? ආණ්‌ඩුවට තුන් දෙනයි ඉන්නේ. ඡන්දයට ආණ්‌ඩුව බයයි. තුන් දෙනාගෙන් ආණ්‌ඩුව පනතක්‌ ගේන්නේ කොහොමද? ඉල්ලා අස්‌කර ගන්නේ ඡන්දයක්‌ ගත්තොත් පරදින නිසා.

ඉරාන් වික්‍රමරත්න මහතා – අපට මොකක්‌වත් හදිසියේ කරන්න ඕනේ නෑ. මහජන බැංකු පනත ගැන දිනේෂ් මන්ත්‍රීතුමා ඉල්ලුවා අපිට සාකච්ඡා කරන්න පුළුවන් ද කියලා ඒකටත් අපි එකඟයි. ඒ වගේම මේකත් ඔබතුමාලාට කල් ඕන නම් කිසි ප්‍රශ්නයක්‌ නෑ. අපි මේකත් කල් දාලා ඊළඟ සතියේ ගන්න පුළුවන්. කිසි හදිසියක්‌ නෑ. මුදල් පනත ඉදිරිපත් කළා විතරයි. ඒකත් ඉදිරියේදී ගන්නවා. විවාදය

 කථානායක – මේක ඉල්ලා අස්‌කර ගන්න ඉල්ලා අස්‌කර ගන්න හරිනේ.

 ආණ්‌ඩු පක්‌ෂයේ ප්‍රධාන සංවිධායක – කථානායකතුමනි අපි මේක වෙනත් දවසක ඉදිරිපත් කරනවා. අපට හදිසියක්‌ නෑ. ඕන තරම් කල් අපි දෙන්නම් හදිසියක්‌ නෑ. වෙනත් දවසක ඉදිරිපත් කරන්නම්.

 කථානායක – අද මේක ගන්නැත්නම් මේක වෙන දවසක ගන්න පුළුවන්. අංක 2 සහ අංක 3 ඉල්ලා අස්‌කර ගන්නවාලු. වෙන දවසක ගන්නවාලු.

 බන්දුල ගුණවර්ධන මහතා – ඔබ තේරුම් ගන්න ආණ්‌ඩුවක්‌ හතර දෙනකුට ගෙනියන්න බෑ. ආණ්‌ඩුවේ ඇති වෙලා තිබෙන අර්බුදය තුළ ඔබ තුමාට මේ පාර්ලිමේන්තුව ගෙනියන්න බෑ. මේ ප්‍රශ්නය විසඳගන් නැතුව ඉදිරියට යන්න බෑ.

 කථානායක – දැන් අංක 4 මහාචාර්ය ආශු මාරසිංහ එයත් නෑ.

 දයාසිරි ජයසේකර මහතා – මේ ආණ්‌ඩුව ගෙනියන්නේ මේ ලේකම්වරු තුන්දෙනා. ආණ්‌ඩුව ගෙනියන්න කට්‌ටිය නෑ. ආණ්‌ඩුව ඉල්ලා අස්‌වෙලා යන්න ඕන පුළුවන් අයට කරන්න දීලා.

 කථානායක – සභාව කල් දැමීම.

 ආණ්‌ඩු පක්‌ෂයේ ප්‍රධාන සංවිධායක – සැප්තැම්බර් 17 වැනි දින පස්‌වරු 01 දක්‌වා කල් තැබීමට යෝජනා කරනවා.

 කථානායක – සභාව කල් තැබීමේ යෝජනාව ගරු මුතුකුමාරණ මන්ත්‍රීතුමා එයත් නෑ.

Related posts

“අවස්ථාව එනතුරු ඔවුන් බලා සිටිනවා.. අපි ඒ බව අමතක කර තිබෙනවා” දකුණට වසං කරන අනතුර ගැන හිටපු හමුදා ජ්‍යෙෂ්ඨයෙක් කියයි

colombotoday

වොක්ස්වාගන් කාර් කම්හල අරින්න කුලියාපිටියෙන් ඉඩමක් වෙන් කරයි

colombotoday

පාස්කු ප්‍රහාරයට සැක අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු සමග රිෂාඩ් බදුර්දීන්ගේ සබඳතා එලියට

colombotoday

අලියාගෙන් රනිල්, පොහොට්ටුවෙන් ගෝඨා ජනාධිපතිවරණයට

colombotoday

“එජාපය සමග තවදුරටත් යන්න බෑ.. තීරණයක් ගන්න වෙනවා” – හකීම් රතු එළි දල්වයි (Video)

colombotoday

“ඉදිරියේදී ආහාර හිගයක් ඇති වෙනවා. අපිට තාම අපේ ප්‍රශ්න තියෙන්නේ. ලෝකෙන් එන ප්‍රශ්න ඇවිත් නෑ. “

colombotoday