Colombo Today Local News

මුස්ලිම් ගම්මානයකින් ගුවන් යානා නාශක උණ්ඩ 5ක් සහ ඩෙටනේටරයක් සොයාගැනේ

වැලිපැන්න ‘රාමියා පාර’ ප්‍රදේශයේ දී මුස්ලිම් ගම්මානයක අද (29) ගුවන් යානා නාශක උණ්ඩ 5 ක් සහ ඩෙටනේටරයක් සොයාගෙන තිබේ.

බස්නාහිර පළාත් බුද්ධි අංශ පොලිස් සැරයන්වරයෙකුට ලද තොරතුරක් මත සොයාගෙන ඇතැයි පොලීසිය කියයි.

මෙම ගුවන් යානා නාශක උණ්ඩ අඟල් අටක් දිග (5- 0) වර්ගයේ ඒවා බව පොලීසිය කියයි.

කිසියම් අයෙකු මේවා ගෙනැවිත් දමා ඇත්දැයි පරීක්ෂණ සිදුකරන අතර අළුත්ගම පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් මගින් පරීක්ෂාකොට ඩෙටනේටරය එය නිෂ්ක්‍රීය කිරීමට කටයුතු කර ඇති බවද පොලීසිය කියයි.

කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා, කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න, සහකාර පොලිස් අධිකාරි සංජය ඉරසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි වැලිපැන්න පොලිස් ස්ථානාධිපති විමලසිරි ගමගේ, අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක, පොලිස් බුද්ධි අංශ සැරයන් සේනාරත්න (50214), බුද්ධි අංශ පොලිස් කොස්තාපල් උපාලි(55289)යන නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.

Related posts

ඇඟළුම් අපනයන ආදායම අඩු වෙයි

Admin

රු‍. 6000සේ විස්කි බෝතලේ රු. 1500ට රේගුවේ

colombotoday

පාකිස්තාන මහ කොමසාරිස් හා විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන අතර හමුවක්

colombotoday

මනෝ, මලික්, බදියුදීන් ඇමතිකම් එපා කියයි…

colombotoday

විල්පතු කල්ලාරු රක්ෂිතයේ නැවත පැළ සිටුවීමට වැය වන මුදල ඇස්තමේන්තුවට කමිටු දෙකක්

colombotoday

ජුනි මස 21 වන දා අර්ධ සූර්යග්‍රහණයක් නිරීක්ෂණය කිරීමේ අවස්ථාවක්

colombotoday