Colombo Today Local News

මුස්ලිම් ඡන්ද නැතිව හැකිනම් ජනාධිපති වී පෙන්වනු – හිස්බුල්ලා අභියෝග කරයි

ඉදිරි ජනාධිපතිවරණයේදී මුස්ලිම් ජනතාවගේ ඡන්දය නැතිව කිසිවෙකුට මේ රටේ ජනාධිපති විය නොහැකි බව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ කාත්තන්කුඩි ප්‍රදේශයේ පැවති උත්සව සභාවක් අමතමිනි.

ජේ ආර් ජයවර්ධනගේ සිට මෛත්‍රීපාල සිරිසේන දක්වා සියලු ජනාධිපතිවරුන් මෙරට බලයට ගෙන ආවේ මුස්ලිම්වරුන් විසින් බවද ඔහු සඳහන් කළේය.

වර්තමාන ජනාධිපතිවරයාට මුස්ලිම් ජනතාව ඡන්දය නොදුන්නේ නම් ඔහුට ජනාධිපති විය නොහැකි වූ බවත් ලක්ෂ 8ක පමණ මුස්ලිම් ජනතාවක් ඔහුට ඡන්දය දුන් බවත් හිටපු ආණ්ඩුකාරයා සඳහන් කළේය.

මුස්ලිම් චන්ද නැතිව ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයගත හැකි යැයි ඇතැමුන් ප්‍රකාශ කළ ද මුස්ලිම් ජනතාවගේ ඡන්දය නැතුව කිසිම පුද්ගලයෙකුට ජනාධිපති පුටුවේ අසුන් ගත නොහැකි බව තමන් අභියෝග කරන බවද ඔහු කියා සිටියේය.

Related posts

රජයේ මුදල් සාපරාධී පරිහරණය කිරීමේ චෝදනාව: නාලක ගොඩහේවා ඇතුළු විත්තිකරුවන් 3ක් නිදොස් කොට නිදහස්

Admin

නාම යොජනා බාර ගැනීම ඇරැඹේ !

colombotoday

(Video) ජන සටන පාද යාත්‍රාව පේරාදෙණියෙන් ඇරඹේ.. මහින්දත් පෙර ගමනේ

colombotoday

විමල්ට ඇප නොලැබෙයි.. නැවතත් රිමාන්ඩ්

colombotoday

ශ්‍රී පාද වන්දනා සමය ගැන ගත් තීරණය

colombotoday

ත්‍රස්තවාදය වැළක්වීමේ පනතට එරෙහි පෙත්සමකට කාදිනල් අත්සන් තබයි.

colombotoday