Colombo Today Local News

මුහුණු පොතෙන් ජාතිවාදය අවුස්සන අයගේ නාම ලේඛනය රහස් පොලිසියට…

මුහුණු පොත හරහා වැරදි ප්‍රචාර ගෙන යන අය ජාතිවාදය අවුස්සාගෙන ගැටුම් ඇති කිරීමට උත්සාහ කරන බවත් ඔවුන්ගේ  නාම ලේඛනය මේ වනවිට රහස් පොලීසිය විසින් ලබාගෙන ඇති බවත්  එවැනි අය අත්අඩංගුවට ගෙන නීතිය වහා ක්‍රියාත්මක කළ යුතු බවත් පළාත් සභා පළාත් පාලන ස්වදේශ කටයුතු සහ අභ්‍යන්තර කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා  පැවසීය.

ගාල්ල උළුවිටිකේ ඊයේ (21)  පැවති රැස්වීමක් අමතමින් වජිර අබේවර්ධන මහතා මෙසේ පැවසීය.

පටු අරමුණු සහිතව වෛරයෙන් ක්‍රෝධයෙන් සහ දේශපාලන ඊර්ෂ්‍යාවෙන් කටයුතු කරන ඇතැම් පිරිස් තම යුතුකම ඉටු නොකර බොරු ප්‍රචාර ගෙනයමින් බෞද්ධකමට ද නිගරු වන ආකාරයට මුහුණු පොත ඇතුළු සමාජ මාධ්‍ය ජාලා හරහා මඩ ප්‍රචාර ගෙන ගියත් ඒවායින් සැලෙන් නැති බවත් ඔහු සඳහන් කරයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ සෝදිසි මෙහෙයුම් කිරීමට අවශ්‍ය උපදෙස්  ආරක්ෂක කමිටු කැඳවමින් ලබා දීමට කටයුතු කළා බවත් ප්‍රදේශයේ ආරක්ෂාව වෙනුවෙන් දේශපාලන නායකත්වයද ලබා දුන් බවත් පැවසිය. 

අප සමාජයේ මරණ දැන්වීමක් ප්‍රචාරය කරන්නත් නමක් යොදා ප්‍රචාරය කරන ලදි යනුවෙන් සඳහන් කළ යුතුය.සමාජ ජාලාවලින් අපහාස කරන්න බොරු ප්‍රචාර ගෙනියන්න බොහෝ දෙනකුට අවස්ථාව ලැබී තිබෙනවා. ඒවාට නම ගම ඕන නෑ. අපේ රජය යටතේ ප්‍රකාශනයේ සහ භාෂණයේ නිදහස තහවුරු කළ නිසයි.

අපේ රජය මාධ්‍යයට උපරිම නිදහස ලබා දී තිබෙනවා. දැන් ඔවුන් ඒ නිදහස තමන්ගේ පටු අරමුණු වෙනුවෙන් යොදාගෙන තිබෙනවා. ඉකුත් රජය කාලයේ මෙසේ කළානම් සුදු වෑන් ඇවිල්ල මෙවැනි අය අරගෙන යනවා. ඒවා ඔබට මතක ඇති. නමුත් අපි අදත් කියන්නේ අපේ රජය දුන් මාධ්‍ය නිදහස භුක්ති විදින්න තරම් උගත් තරුණයන් සිටිනවාද යන්නප්‍රශ්නයක්. මෙවැනි අයට මා බෞද්ධයකු ලෙස ප්‍රකාශ කරන්නේ ඔබ සුවපත් වේවා කියායි ඔහු වැඩිදුරටත් පැවසීය.

Related posts

වැලිගම මුහුදු වෙරළේ කැස්බෑ සිරුරු දෙකක්

colombotoday

ජේතවනාරාම දාගැබට සිදුවන ජල කාන්දුව වැළැක්වීමට ජල මුද්‍රිත ආවරණයක්

Admin

වන්දනා ගමන්-ආගමික උත්සව නවත්වන්නැයි උපදෙස් !

colombotoday

IOC පිරවුම්හල්වලට පැය 24 පුරා ඉන්ධන ප්‍රවාහනය කෙරේ

colombotoday

ලංකාවේ රැකියාවට ඉන්දියානුවන් එනවාට විරුද්ධ වන්නේ ජාතිවාදීන් – විදේශ ඇමති මංගල

colombotoday

බස් ගාස්තු සංශෝධනය වනතුරු පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වෙයි.

colombotoday