Colombo Today Local News

මෙවර නිදහස් උළෙලේ වෙනස්කම් රැසක්… ජනපති හරසර, යුද්ධ උපකරණ ප්‍රදර්ශනය අඩු කරයි… ආබාධීත රණවිරුන් වෙහෙසට පත්කිරීමත් වළකයි…

මෙවර නිදහස් දින සැමරුම් උළෙල ඉතාචාම් අයුරින් සිදුකිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේද උපදෙස් මතයි. ඒ අනුව මින් පෙර නිදහස් දින සැමරුම්වලදි සිදු කෙරුණු අංග කිහිපයක් මෙවර ඉවත් කිරීමට තීරණය කර තිබේ.

මීට පෙර පැවති නිදහස් දින සැමරුම් උත්සවවල උත්තමාචාර පෙළපාලිය පැය 3කටඅධික කාලයක් පැවැත්වුණා. මෙවර එය පැය දෙකක් හෝ ඊට අඩු කාලයකට සීමා කිරීමට තීරණය කර තිබේ.

ජනාධිපතිවරයා සැමරුම් උත්සවයට කැඳවාගෙන ඒමේදි පෙර ගමන් රථ සමගඅශ්වාරෝහකයින් පැමිණීම සාමාන්‍යයෙන් සිදුවුනා. එහෙත් මෙවරඅශ්වාරෝහකයින් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

පැරෂුට් ආධාරයෙන් සිදු කෙරෙන ගුවන් පිනුම්ද මෙවර සිදු නොකෙරෙනු ඇති. නිදහස් දින සැමරුම් පෙළපාලියට එක් කෙරෙන යුද වාහන ප‍්‍රමාණය සීමා කිරීමටත් තීරණය වී තිබේ.

යුද හමුදාවට අයත් රේඩාර් පද්ධතිය ඇතුළු විශාල ප‍්‍රමාණයේ යුද වාහන මින් පෙර පැවති නිදහස් දින සැමරුම් උත්සවවලට යොදා ගැණුනා.

එහෙත් මෙවර සැමරුම් පෙළපාලියට එවැනියුද වාහන යොදා නොගන්නා බවට වාර්තා වේ.

ආබාධිත සෙබළුන්ද මීට පෙර පැවති සැමරුම් පෙළපාලිවල ගමන් කළද මෙවර එම සෙබළුන් පෙළපාලියට එක් කර නොගැනීමට තීරණය කර තිබෙනවා. ඒආබාධිත සෙබළුන්ට සිදුවන ශාරි‍රීක අපහසුතා වලින් ඔවුන් මුදවීමටයි.

Related posts

අත්අඩංගුවට ගත් ෂෙහාන් මාලකට ඇප

colombotoday

ග්ලයිෆොසෙට් මෙට්‍රික් ටොන් තිස්දාහක් වරායෙන් පිටකිරීමට සූදානම්.. ගෙන්වා ඇත්තේ තහනම ඉවත් කිරීමට පෙරයි..

colombotoday

“ඇමති බිරියන්ගේ හඩපටත් මා සතුයි” – රන්ජන් මේ ආණ්ඩුවේ මැති ඇමතිලාත් බයභීත කරවයි

colombotoday

කොරෝනා අසාදිත සංඛ්‍යාව 241 දක්වා ඉහළට

colombotoday

ට්‍රෑෆික් දඩ ගෙවන්න සහනයක්

colombotoday

මූල්‍ය අක්‍රමිකතා හෙළිවෙයි… BOC, BOI හා PB අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැරෙයි

colombotoday