Colombo Today Local News

මේ ආණ්ඩුව වමට සිග්නල් දාලා දකුණට හරවනවා – හිටපු ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න කියයි

වර්තමාන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව අතර ගැටුමක් මේ වනවිටත් එළිපිටම මතුවී ඇති බවත්  ඒ හේතුවෙන් ආණ්ඩුවට වමට සිග්නල් දමා දකුණට යෑමට සිදුව ඇති බවත් එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්රිධාන ලේකම් ජනාධිපති නීතීඥ මෛත්රීස ගුණරත්න මහතා සඳහන් කරයි. ඒ මහතා මේ බව පවසන ලද්දේ ගාල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගී වෙමිනි.

වර්තමාන ජනාධිපතිවරයා බලයට ඒමට පෙර විශාල පොරොන්දු සංඛ්‍යාවක්  ජනතාවට ලබාදුන් අතර අද ඒ සියල්ල කඩවූ පොරොන්දු බවට පත්වෙමින් තිබෙන බවද ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ  කර සිටියේය.

තවදුරටත් අදහස් දැක්වූ ගුණරත්න මහතා….

අද ජනාධිපතිවරයා එක පැත්තකට ගමන් කරමින් ඉන්නවා අගමැතිවරයා හා ඔහුගේ ආණ්ඩුව තවත් පැත්තකට ගමන් කරමින් ඉන්නවා. අද අගමැතිවරයා හැර ආණ්ඩුවේ ඇමතිවරු පත් කරන ආයතන ප්‍රධානියා හෙට උදේ වෙනකොට ජනාධිපතිවරයා ධූරයෙන් පහ කරනවා මේක ඇත්තටම විහිළුකාරී තත්වයක් විදියටයි අපිට පෙන්නේ.

මේ ආණ්ඩුව බලයට එන්න විශාල බොරු ප්‍රමාණයක්  සමාජයට හා ජනතාවට කිව්වා ඒ වගේම පසුගිය ආණ්ඩුව කරපු හොද දේ පවා බරපතල විදියට විවේචනය කෙරුවා නමුත් අද මේ ආණ්ඩුව පසුගිය රජය කරපු බොහෝ දේවල් ඒ ආකාරයටම පවත්වාගෙන යාමට කටයුතු කරමින් ඉන්නවා පසුගිය ආණ්ඩුව ජනතාවට ලබාදුන් සහන සියල්ලක්ම පාහේ මේ ආණ්ඩුව විසින් කප්පාදු කරනවා. ඒ වගේම මේ ආණ්ඩුව විපක්ෂයේ සිටීමත් ජාතීන් අතර වෛරසය පතුරවන ආකාරයට කටයුතු කරමින් ක්‍රියාත්මක වුනා  සාමාන්‍ය  මිනිසුන් පිළිබඳව පවා එකිනෙකා වෛරය මුසුව බලන තත්වයට සමාජයේ වෛරය වපුරන තැනකට තල්ලු කරමින් කටයුතු කෙරුවා නමුත් අද වෙනකොට ඒ සියල්ල අමතක කරලා දාන්න හදනවා නමුත් ඔවුන් විසින් වපුරන ලද වෛරයේ බීජ තවමත් මේ පොළොවේ තිබෙනවා යනුවෙන් ඒ මහතා සඳහන් කළේය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ ගුණරත්න මහතා

ඒ වගේම මට කියන්න තියෙන්නේ මේ ආණ්ඩුව බලයට පත් කරන්න මේ රටේ දේශපාලන බලවේග රාශියක් ඒ වගේම ජාතික සංවිධාන සහය දුන්නා නමුත් ඒ පිරිස් වලට අද අත්වී ඇති ඉරණම ඉතාම සෝචනීයයි. මේ ආණ්ඩුව අද  ගොවි ජනතාවට වෙච්චි පොරොන්දු කඩකරමින් ඉන්නවා. නොමිලේ පොහොර දෙන්න ආපු ආණ්ඩුව අද වෙනකොට ගොවීන්ට සල්ලි දීලා ගන්නවත් රටේ පොහොර නැහැ. තේ කර්මාන්තය දියුණු කරනවා කිව්වා අද තේ කර්මාන්තය කබලෙන් ලිපට වැටිලා නුදුරේදීම ඛනිජතෙල් මිල ඉහල යාමේ අවධානමක් තියෙනවා. එහෙම වුනොත් පාරිබෝගික භාණ්ඩවල මිලගණන් තවත් ඉහල යාවි. රජයේ සේවකයන්ගේ දීමනා කපනවා. කොටස් මිල වැටෙනවා ආණ්ඩුවට රටේ ආර්ථිකය පිළිබඳව කිසිඳු සැලැස්මක් නොමැති බවයි මේවගෙන් පෙන්න තියෙන්නේ. මේ ආණ්ඩුව හොදි පැකට් එක කඩල ඉක්මනටම ඇඟේ හලාගන්න ආණ්ඩුවක් කියල මට කියන්න පුළුවන් යනුවෙන්ද සඳහන් කළේය.

Related posts

කැලණි ගඟට කසල දමන්නන් සොයා CCTV සවි කිරීමේ සැලැස්මක්.

colombotoday

සෞඛ්‍ය වැඩවර්ජන නැවතත් ?

Admin

අද මධ්‍යම රාත්‍රියේ සිට හදිස්සි නීතිය පැනවේ.

colombotoday

මඩකලපුවේ දෙමළ සිසුන්ට ඉස්ලාම් ඉස්ලාම් ධර්මය වැළඳගැනීමට බල කරලා… ගුරුවරුන්ට එරෙහිව දෙමව්පියෝ උද්ඝෝෂණයේ…

colombotoday

බලය බෙදන ව්‍යවස්ථාව ඕනමයි.. ශ්‍රීලනිප පිං ඇමතිලා ජනමත විචාරණයට බාධාවක්

colombotoday

ඊයේ වැඩිම කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම කුරුණෑගලින්

colombotoday